2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

පීපල්ස් ලීසිං වාර්ෂික වාර්තාව 55 වැනි CA Sri Lanka සම්මාන දිනයි

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 97

ශ‍්‍රී ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනය වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම (CA Sri Lanka වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී) (CA Sri Lanka Annual Reports Awards – 2019) සම්මාන 2ක් දිනාගැනීමට සමත්විය. එනම් පීපල්ස් ලීසිං සමාගමේ 2018/19 මූල්‍ය වර්ෂය වෙනුවෙන් නිකුත් කළ වාර්ෂික වාර්තාවට Integrated Reporting - Best Disclosure on business Model අංශය වෙනුවෙන් රිදී සම්මානය හා Finance Companies and Leasing Companies (Total Assets above LKR 20 Billion) යන අංශයේ ලෝකඩ සම්මානය හිමි කරගැනීමෙනි. පීපල්ස් ලීසිං සමාගමේ වාර්ෂික වාර්තාව අඛණ්ඩව දේශීය මෙන්ම විදේශීය ඇගයීමට ලක්වීමෙන් මූල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් සමාගම පවත්වාගනු ලබන විනිවිදභාවය, විශ්වාසනීයත්වය හා සමාජ සත්කාරක මෙහෙවර නැවත වරක් සනාථ කෙරේ.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ගණකාධිකරණ ආයතනය වන ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය විසින් 55 වැනි වරට සංවිධානය කළ (CA Sri Lanka වාර්ෂික වාර්තා සම්මාන උළෙල)ට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සමාගම් 130ක් පමණ අයදුම් කර තිබුණි. 
පීපල්ස් ලීසිං සමාගමේ 2018/19 මූල්‍ය වර්ෂය වෙනුවෙන් නිකුත් කළ වාර්ෂික වාර්තාව දකුණු කොරියාවේ සෝල් නගරයේ පැවැති ARC Awards International - 2019 සම්මාන උළෙලේදී සුවිශේෂී සම්මාන 8ක්ම හිමිකර ගැනීමටද සමත්විය. මූල්‍ය සෙවා (සාමාන්‍ය) යන අංශය යටතෙ හිමිකරගත් සම්මාන 8 වූයේ ‘මූල්‍ය දත්ත’ සඳහා පිරිනැමෙන රන් සම්මානය (Gold Award – Financial Data), ‘සම්ප‍්‍රදායික නොවන මුල්‍ය වාර්තාව’ සඳහා පිරිනැමෙන රන් සම්මානය (Gold Award – Non – Traditional Annual Report), ‘සභාපතිගේ පණිවිඩය’ සඳහා පිරිනැමෙන රිදී සම්මානය (Silver Award – Chairman’s/President’s Letter), කවර ජායාරෑපය / සැලසුම්කරණය සඳහා පිරිනැමෙන %ලෝකඩ සම්මානය’ (Bronze Award – Cover Photo/Design), ‘අභ්‍යන්තර නිර්මාණාත්මක සැලසුම’ සඳහා පිරිනැමෙන ලෝකඩ සම්මානය (Bronze – Interior Design), ‘ලිඛිත සටහන්’ සඳහා පිරිනැමෙන ලෝකඩ සම්මානය (Bronze – Written Text), මුද්‍රණය හා නිමැයුම වෙනුවෙන් පිරිනැමෙන ලෝකඩ සම්මානය (Bronze – Printing Production) හා ඡායාරෑපකරණය වෙනුවෙන් පිරිනැමෙන ගෞරව සම්මානය (Honor – Photography) යන සම්මානයන්ය. 

පීපල්ස් ලීසිං සමාගම හිමිකරගත් මෙම සම්මාන ද්විත්වය පිළිබඳව අදහස් දැක්වූ එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරි, සබී‍්‍ර ඊබ‍්‍රහිම් මහතා පැවසුවේ, පීපල්ස් ලීසිං සමාගමේ 2018/19 වාර්ෂික වාර්තාවට CA Sri Lanka වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී සම්මාන දෙකක් හිමිවීම පිළිබඳව අප බොහෝ සාඩම්බරයට පත්වෙනවා. එමෙන්ම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ගණකාධිකරණ ආයතනයවන ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය විසින් සංවිධානය කළ වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වීම අප සමාගම වාර්ෂික වාර්තාකරණය කෙරෙහි දක්වන දැඩි කැපවීමට කදිම සාක්ෂියක්. තවද පීපල්ස් ලීසිං සමාගමේ මෙම 2018/19 වාර්ෂික වාර්තාවට මෙම වසරේදීම ගෞරවනීය ARC Awards International - 2019 සම්මාන උළෙලේදී සුවිශේෂී සම්මාන 8ක්ම හිමිකර ගැනීමට සමත්වීමද තවත් විශේෂත්වයක් යන්නය.

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00