2022 ඔක්තෝබර් 09 වන ඉරිදා

සකසුරුවම් මාසය ඇරඹුණු වගයි...

 2022 ඔක්තෝබර් 09 වන ඉරිදා, පෙ.ව. 08:00 485

මෙම ඔක්තෝබර් මාසය ශ්‍රී ලාංකික අපට මෙන්ම ලෝකවාසී සියලුම දෙනාට වැදගත් වන විශේෂ හේතුවක් නම් ඔක්තෝබර් 31 වැනි දිනට යෙදී තිබෙන ලෝක සකසුරුවම් දිනයයි. 1924දී ලෝක ඉතිරිකිරීමේ බැංකු කොංග්‍රසය විසින් සෑම වසරකම ඔක්තෝබර් 31 වැනිදා ලෝක සකසුරුවම් දිනය ලෙස නම් කළ අතර, මෙවර අප සමරන්නේ 98 වැනි ලෝක සකසුරුවම් දිනයයි. ලෝක ඉතිරිකිරීමේ බැංකු කොංග්‍රසය විසින් පිළිගත්, ශ්‍රී ලංකාවේ එකම සාමාජික බැංකුව වන ජාතික ඉතිරි කිරීමේ බැංකුවද සෑම වසරකම ඔක්තෝබර් මාසය පුරාම සකසුරුවම්කම ඔප්නංවනා වූ වැඩසටහන් දියත් කරනු ලබයි.

ඉතිරිකිරීම හා සකසුරුවම අපට ආගන්තුක සංකල්පයක් නොවේ. සමාජ තලය කුමක් වුවද භාෂාව ජාතිය කුමක් වුවද සියලුදෙනා කුඩා කළ සිට ඉතිරිකිරීමේ වටිනාකම පිළිබඳ කතා, ප්‍රස්ථා පිරුළු අසා ඇත. නමුත් ඊට ප්‍රයෝගික ප්‍රවේශයක් ගැනීමේදී ඇති අභියෝග විවිධ බව අප දනිමු.

වර්තමානය වනවිට ලංකාවේ බැංකු ක්ෂේත්‍රය අන්තර්ජාතික බැංකුකරණයද ඉක්මවා ඩිජිටල් අවධියට ළඟාවී සිටී. තාක්ෂණය විසින් මුදල් ඉතිරි කිරීම යන ක්‍රියාවද නව මානයකට ඔසවා ඇත. එම සියලු මානයන් එකිනෙකට යා කෙරූ අප ඔබගේ මූල්‍යමය අවශ්‍යතාවන්හි මුල, මැද, අග වටහා ගත්තේ සකසුරුවම්කම යන ගුණාංගය පෙරදැරි කරගෙනය. එදා මෙදාතුර ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ විකාශනය ගමේ තැපැල් කාර්යාලයේ සිට නගරයේ ඇති NSB ශාඛාවටත් අන්තර්ජාලය ඔස්සේ මුළු ලෝකයටත් ගෙන ගිය පණිවිඩය වූයේ ඉතිරි කරමු රට දිනවමු යන්නයි.

ඉතිරිකිරීම හා සකසුරුවම යන වචනයට සැබෑ අර්ථයක් එක්කළ දේශීය සන්නාමය වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව මේ ඔක්තෝබර් මාසයට පිවිසෙන්නේ එකී අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා වන ක්‍රියාමාලාවක්ද සමගය. ජාතික ඉතිරිකිරීමේ බැංකුව 98 වැනි ලෝක සකසුරුවම් දිනය සැමරීම නිමිත්තෙන් දියත් කරනු ලබන වැඩසටහන් මාලාවේ පෙලගැස්ම මෙසේයි.

විශේෂ පොලී අනුපාතයක් යටතේ නැවත දියත්වන එන්.එස්.බී. ප්‍රාර්ථනා සහ ප්‍රර්ථනා + ඉතුරුම් සහතික

අපගේ ජීවිතවල පැවැත්මට අත්‍යවශ්‍ය දේ අතුරින් ආහාර, ජලය, සුදුසු වාසස්ථානයක් තිබීම යන කරුණු ප්‍රමුඛයි. නමුත් මේ සියල්ලටම වඩා වැදගත් තවත් දෙයක් තිබේ. ඒ හෙට දිනය පිළිබඳ යහපත් හා සුභවාදී බලාපොරොත්තු ඉතුරුම් සහතික නව මුහුණුවරකින් ශ්‍රී ලාංකික ඔබ සැම වෙත ගෙන එන්නේ ඉහළ පොලී අනුපාතයක වාසියක්ද සමගිනුයි. මෙම ඉතුරුම් ක්‍රමයේ සුවිශේෂී අංගයක් වනුයේ ඔබට අවශ්‍ය තැන්පතු ඉලක්කය සකස් කර තිබීමයි. එනම් ධනාත්මක ප්‍රාර්ථනා සහිත වීමයි. 

මෙකී අරමුණ පෙරදැරිව අප බැංකුව, ‘ප්‍රාර්ථනා’ සහ ‘ප්‍රාර්ථනා දිනීමේ අයිතිය ඔබ වෙතම ලබාදී තිබීමයි. රු. මිලියන 10ක් දක්වා ඕනෑම අගයක් උපරිමය අවුරුදු 20ක කාල සීමාවක් දක්වා තුළදී ලබා ගැනීමට අවශ්‍ය මුළු මුදල තැන්පත් කිරීම පමණයි ඔබ කළ යුත්තේ. එමෙන්ම තනි තනිව හෝ දෙදෙනෙකු එක්ව මෙම තැන්පතුව ඇරඹිය හැකියි. කල්පිරීමෙන් අනතුරුව ස්වයංක්‍රීයවම මෙම තැන්පතුව මාස 12ක ස්ථිර තැන්පතුවක් බවට පත්වෙයි. මෙමගින් අදාළ කාලය අවසානයේදී මුදල් ලබා ගැනීමට අමතක වුවහොත් ගනුදෙනුකරුට සිදුවන පොලී හානිය  වළක්වා දීමටත් මෙමගින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව කටයුතු කර ඇත.

ලෝක ජනාවාස දිනය ඔක්තෝබර් 3 වැනිදා 

‘ඇති නැති පරතරය පියවමු, කිසිවකු හෝ කිසි වාසස්ථානයක් මග නොහරිමු’ යන එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිර්දේශ කරන ලද ගෝලීය තේමාව ඔස්සේ අප රටේ අඩු පහසුකම් සහිත නාගරික ජනාවාස හා ජන ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ ආර්ථිකමය, සමාජීය හා සංස්කෘතික හැකියාවන් වර්ධනය කර ස්වශක්තියෙන් නැගී සිටීමට අවශ්‍ය දැනුම සහ අවස්ථාව ලබාදීමට නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසින් මෙහෙයවන ‘සෞභාග්‍යා’ සවිබල වැඩසටහන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අනුග්‍රහය යටතේ සිදුවේ.

මෙහිදී කුඩා හා සුළු පරිමාණ ව්‍යවසායකයන් සඳහා වැඩසටහන් හා වැඩමුළු පැවැත්වීම, මූල්‍ය සහන ලබාදීම සහ ඔවුන්ට වෙළඳපළ අවස්ථාවන් ලබාදීම මෙම වැඩසටහන හරහා සිදුවේ. ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානෝත්සවය අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇත.

ගුරු දෙගුරු හරසර 

යුනෙස්කෝ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කරන ලද ලෝක ගුරු දිනය ඔක්තෝබර් 5 වැනිදාට යෙදී තිබේ. ‘පසුගාමී වූ අධ්‍යාපනය නැවත ප්‍රකෘතිමත් කිරීමේ මුල්තැන ගන්නේ ගුරුවරුන්ය’ යන ගෝලීය තේමාව යටතේ මෙවර ගුරු දිනය සැමරීමට නියමිතයි. ඊට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශය හා ජාතික ඉතිරිකිරීමේ බැංකුව එක්ව තෝරාගත් පාසල් 150ක විදුහල්පතිවරුන් හා ගුරුවරුන් වෙත ප්‍රණාමය පුද කිරීම මේ යටතේ සිදුවෙයි. දේශයක අනාගතය තනන්නේ ගුරුවරුන්ය, සිසු දරුවන් වෙත සිප්සතර උගන්වා ඔවුන් නව ලොව ජයගැනීමට අවශ්‍ය දැනුමින් සන්නද්ධ කර ලෝකය හා සම්බන්ධ පුද්ගලයෙකු බවට පත්කර නිහඬව පසෙකට වී ආත්ම තෘප්තියෙන් පමණක් සතුටුවන මේ දිසාපාමොක් පරපුර අප රටට නිධානයකි.

2020, 2021 හා 2022 වසරවලදී කොවිඩ් වසංගතය හමුවේ පාසල් එකින් එක වැසී යද්දී එමගින් සිසු දරුවන්ටවන හානිය අවම කර ගැනීම සඳහා ගුරු භවතුන්, විදුහල්පතිවරුන් මෙනම අධ්‍යාපන අමාත්‍යංශය අන්තර්ජාලය භාවිත කරමින් සිය ඉගැන්වීම් කටයුතු සිදු කළහ. තමනට ඒ සඳහා අවැසි තාක්ෂණික උපාංග හා අන්තර්ජාල සබඳතා ලබා ගැනීම දුෂ්කර වුවත් ගුරු දෙගුරුන් සිය වගකීම නොපිරිහෙලා ඉටු කළහ. වර්තමානයේ පැනනැගී ඇති ආර්ථික අර්බුදය හමුවේ පවා පාසලට වෙත ගමන් පහසුකම් සපයා ගැනීම දුෂ්කර කාලයන්හිදීත් දරුදැරියන් ආහාර සපයා ගැනීමට නොහැකිව පාසල් නොඑන අවස්ථාවන්හිදී ආහාර බැංකු සංකල්පය හරහා මෙම දරුවන්ගේ උදෑසන හා දිවා ආහාරය සොයා සපයා දුන් ගුරුවරු හා විදුහල්පතිවරුන් ගැන මාධ්‍ය වාර්තා කර තිබිණි. මෙවන් ධෛර්යවන්ත ගුරු විදුහල්පතිවරුන් සමුදායක් අගය කරමින් ඔවුන් සමග මෙවර ගුරුදිනය ජාතික ඉතිරිකිරීමේ බැංකුව සමරන්නේ සමාජය වෙත සිය ආයතනික වගකීම ඉටු කිරීමේ කොටසක් ලෙසයි.

තැපැල් දිනය සමරමු 

1874 වසරේ ඔක්තෝබර් 9 වැනිදා ස්විට්සර්ලන්තයේ බර්න් නුවරදී විශ්ව තැපැල් එකමුතුව එළිදැක්විණි. එකී සංකල්පයට හා එමගින් ලෝකවාසී ජනතාව එකිනෙකා වෙත තවත් සමීප කිරීමට ගත් උත්සාහයට ගෞරව කිරීමක් ලෙස සෑම වසරකම මෙම දිනය එක් එක් රටවල තැපැල් දෙපාර්තමේන්තු සමරනු ලැබේ. ශාඛා 261කින් හා තැපැල් උප තැපැල් කාර්යාල 4,600 කට අධික ගනුදෙනුකාර සේවා ජාලයක් සහිත ජාතික ඉතිරිකිරීමේ බැංකුව ලෝක තැපැල් දිනය ඉතා උත්කර්ෂවත් අයුරින් සැමරීමට කටයුතු යොදා ඇත. මෙහිදී ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ජාතික උත්සවය සඳහා අනුග්‍රහය දැක්වීමටත් වඩාත් ඉහළ ගනුදෙනුකාර සේවාවක් ලබාදීම තුළින් මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රගමනයට දායකවූ නිලධාරීන් අගය කිරීමත් තැපැල්පතිතුමන් අතින් මෙදින සිදුවනු ඇති.

අභියෝගාත්මක වටපිටාවක්, උද්ධමනකාරී ලෝක ආර්ථික  පෙරදැක්මක් හා ලෝක සකසුරුවම් දිනය

මෙම වසරේ සකසුරුවම් දිනය යෙදී තිබෙන්නේ පෙර නොවූ විරූ උද්ධමනකාරී පීඩනයක් ගෝලීය ආර්ථික කෙරෙහි යොමුවී තිබෙන අවධියකයි. අප රටේ උද්ධමනය අගෝස්තු මාසය වන විට 70%ට ළඟාවී ඇත, ආහාර උද්ධමනය 90% ඉක්මවා ඇත. එමෙන්ම ලෝක ආර්ථිකයේ ප්‍රබලයන් වන ඇමරිකාව 8.3%ක්, එක්සත් රාජධානිය 10%ක්, ජර්මනිය 7.9%ක්, රුසියාව 14.5%ක්, සිංගප්පුරුව 7.5%ක් ලෙස සිය උද්ධමනය දක්වා ඇත. එමෙන්ම සිය උද්ධමනය පාලනය කිරීමට ඇමරිකා එක්සත් ජනපද ෆෙඩරල් සංචිතය විසින් සිය පොලී අනුපාතයන් ඉහළ නැංවීම නිසා ලෝකය පුරා මුදල් ඒකකහි වටිනාකම කඩා වැටීමට ලක්වී ඇත. ගෝලීය සැපයුම් මාර්ග අවහිරවීම හා රුසියා යුක්‍රේන යුද්ධය මේ සියලු කරුණු කෙරෙහි බලපා ඇත. රටක ඉතුරුම් ලෙස සලකන්නේ යමෙකු සිය වියදම් සඳහා මුදල් වෙන්කළ පසු අදායමින් ඉතිරිවන කොටසයි, දිනෙන් දින ඉහළ යන භාණ්ඩ හා සේවා මිල ගණන් නිසා පවුලකට සිය ඉතුරුම් ලෙස වෙන්කළ හැකි මුදල් ප්‍රමාණය සීමා වී තිබේ. මෙවැනි වටපිටාවක සකසුරුවම්කම ඔබට මෙන්ම අපටත් ඉතා වැදගත්, තම වියදම් සීමා කර ගනිමින් මුදල් කළමනාකරණය කර ගැනීම අත්‍යවශ්‍යයි. ඉදිරි දුෂ්කර කාලය තුළදී ස්වාධීනව කටයුතු කිරීමට නම් තම ඉතුරුම් වර්ධනය කර ගැනීමට මෙන්ම ස්ථාවර හා ධනාත්මක අයෝජයනයන් කෙරෙහි මුදල් යෙදවීමටත් සිදුවනු ඇත. එබැවින් ඔබගේ පුද්ගල ඉතුරුම් හා ආයතනික ඉතුරුම් කෙරෙහි වඩා වැඩි ප්‍රතිලාභ සහ ආරක්ෂාවක් ලබාදෙන මූල්‍ය ආයතනයක් ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුව මේ සකසුරුවම් මාසයේදී වඩාත් සුහද ගනුදෙනුකාර සේවාවක් සහ ආකර්ශනීය වාසි රුසක් ගෙන ඒමට නියමිතයි. 

ඒ අනුව, මූල්‍ය සාක්ෂරතාව පිළිබඳව ජනතාව තවදුරටත් දැනුවත් කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවක් පැවැත්වීමටද මේ වනවිටත් සියලු සැලසුම් ක්‍රියාත්මක වෙයි. විශේෂයෙන්ම මේ අභියෝගාත්මක කාලයේදී පවා, ඉතිරිකිරීම සහ සකසුරුවම තුළින් ජීවිතය ජයගැනීමට උනන්දු වන අප ගනුදෙනුකරුවන් ප්‍රාදේශීය මට්ටමින් හමුවී, මුහුණට මුහුණ සාකච්ඡා කරමින්, ඔවුන් තවදුරටත් අභිප්‍රේරණය කිරීම මෙහි අරමුණයි.

එබැවින් ඔබත් අදම ළඟම ජාතික ඉතිරි කිරීමේ බැංකුවට හෝ තැපැල් / උප තැපැල් කාර්යාලය වෙත ගොස් සකසුරුවම් වාසි ගැන දැනුවත්වන්න.

 

 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00