2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා

ලෙඩ වළක්වන හොඳම පුරැදු!

 2021 අප්‍රේල් 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 373

ප්‍රතිශක්තිකරණ පද්ධතිය රෝගවලින් ආරක්ෂාවීමට අපට ඉතාමත් වැදගත් වෙනවා. මෙ වගේ වසංගත කාලෙක එහි නිරෝගී බව ඉතාමත් වැදගත්. ඉතින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිරෝගීව තබාගෙන ශක්තිමත්ව දිවිගෙවන්නට ඕනෑ නම් මේ සරල පුරුදු කිහිපයෙන් ඒ සදහා  ඔබටත් හැකියාව ලැබෙනවා. එමගින් නිරෝගී ප්‍රබෝධයෙන් පිරුණු ජීවන රටාවක් හිමිකර ගන්න පුළුවනි.

• කැෆේන් අඩංගු පාන වර්ග නැවැත්වීම

කැෆේන් අඩංගු පාන වෙනුවට ඉඟුරු, කොත්තමල්ලි, ඉරමුසු, බෙලිමල් ආදියෙන් සෑදූ පාන දිනපතා ගන්නේ නම් එම ඖෂධීය ගුණය ඔබේ මුළු සිරුරම පිරිසුදු කර ප්‍රබෝධයක් ගෙන දෙයි.

• වතුර වැඩිපුර පානය කිරීම

වතුර නිතර පානය කිරීමෙන් සම හා ශරීර අභ්‍යන්තර අවයව වන වකුගඩුවලද විෂහරණය කරමින් පිරිසුදු කරවයි. ව්‍යායාම් කිරීමේදී දහදිය පිටකරමින් සිරුරට අවශ්‍ය ශක්තියද මින් ලබාදෙයි.

• කෘත්‍රිම රසකාරක ඉවත් කරන්න

හොඳින් පිරිසුදු කළ සුදු සීනි පිටි හා ධාන්‍යවල ඇති සීනි මඟින් බැක්ටීරියා ඇති කරවන නිසා ස්වාභාවික රසකාරකම තෝරාගන්න.

• ඇසුරුම්ගත ආහාර පාලනය

ඇසුරුම් කළ ආහාර කල් තබාගැනීමට විවිධ රසායන ද්‍රවය එක්කරන නිසා එය එතරම් හිතකර නොවෙයි. මේ නිසා එවැනි ආහාරවලින් හැකිතාක් ඈත්වන්න.

• කෙඳි සහිත ආහාර වැඩිපුර ගන්න

කෙඳි සහිත කොළ පැහැති ආහාර ඔබේ වේලට එක්කර ගැනීමෙන් හානිකර විස ද්‍රව්‍ය මර්දනය කළ හැකි නිසා තම්බාගත් ගෝවා, නිවිති ආදියට වැඩි අවධානයක් යොමු කරන්න.

• දිනකට පැය 1/2ක් වත් ව්‍යායාම කරන්න

ශරීරය හොඳින් ක්‍රියාකාරී වෙමින් දහදිය දැමීමෙන්ද විෂබීජ පිටවෙයි. ඇවිදීම, පැනීම වැනි වෙනත් ව්‍යායාම්වල යෙදෙන ඔබට මින් සාර්ථක ප්‍රතිඵල අත්විඳිය හැකියි.

• ඖෂධීය ශාකසාරවලින් සත්කාර

සහිඳ ලුණු සහිත ජලයේ හෝ මුහුදු ජලයෙන් ස්නානය කරන ඔබට සිරුර හොඳින්ම පිරිසුදු කර ගන්න පුළුවන්. මෙය ඖෂධීය සත්කාරයකි.

• දිනපතා සුළු වේලාවක් හෝ සන්සුන්ව සිටින්න

නිහඬව ඉඳගෙන මඳ වේලාවක් සැහැල්ලු ඉරියව්වකින් හිඳ නිරවුල් මනසින් සිටින්න. සිත සැහැල්ලු කර ගනිමින් නව ප්‍රබෝධජනක අදහස් මතුකරගන්න මෙය කදිම අවස්ථාවක්ය.

- web MD