2021 ජුලි 03 වන සෙනසුරාදා

ශ්වසන රෝග පාලන අන්තර්ජාතික පියවර

 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 152

ශ්වසන රෝග වාතය මගින් පැතිර යන නිසා ඉතා ඉක්මණින්ම පාලනයට නිසි පියවර නොගතහොත් ඒවා වසංගත බවටද පත්විය හැකියි. මේ නිසා අන්තර්ජාතිකව ඒවා පාලනය සඳහා පොදු වත් පිළිවෙත් සමූහයක් නිර්දේශිතයි. මේ ඒ නිර්දේශයන්ය.

1. සමාජයෙන් ඈත්ව සිටීම

රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නන්ගෙන් ඈත්ව සිටීම. සෙනඟ රුඳෙන ස්ථානවලින් ඈත්ව සිටීම. ගමන් බිමන් යාම අඩු කිරීම

2. ශ්වසන සෞඛ්‍යය රැක ගැනීම

කහින විට හෝ කිවිසුම් යන විට මුව ආවරණය කිරීම සහ ඉන්පසු අත් සේදීම. ආවරණ කිරීමට කිසිවක් නැත්නම් වැලමිටේ නැම්ම යොදා ගැනීම.

3. අත් සේදීම

සබන් සහ ජලය යොදා අත සේදීම - මෙය කිවිසුම් හා කැස්ස ආදියෙන් පසුද, පොදු ස්ථානවල ගැවසුනු පසුද විශේෂයෙන් කරන්න.

4. අනිත් සෞඛ්‍ය පුරුදු හුරුකර ගැනීම

ප්‍රසිද්ධ ස්ථානවල සැරිසරද්දී නොදැනුවත්ව විවිධ ස්ථාන ස්පර්ශ වෙන්න පුළුවන්. එම ස්ථාන ආසාදිත රෝගියකු ස්පර්ශ කර තිබුණහොත් විෂබීජ ඔයාගෙ අතේද තැවරීමට ඉඩ තියෙනවා. ගමන් බිමන් යන අතර අත් සේදීමට ක්‍රමයක් නැත විට ඇස් නාසය හා මුඛය ස්පර්ශ කිරීමෙන් වැළකීම විශේෂයෙන් වැදගත් වෙනවා. මුඛ ආවරණ භාවිතා කළ පසුවද, ඒවායෙහි විෂබීජ රුඳී තිබීමට පුළුවන් නිසා සුදුසු ලෙස ඉවත් කිරීම කරන්න.

MD Healthtip