2023 මාර්තු 26 වන ඉරිදා

මහගෙදරටම ඇවිල්ල

 2023 මාර්තු 26 වන ඉරිදා, පෙ.ව. 06:00 718

ටැලිෆෝන් පක්ෂයෙන් ආණ්ඩුවට කරණමක් ගනින්න යන කෙනෙක් ගැන පසුගිය කාලෙ ලොකු කතාවක් ප්‍රචාරය වුණා.

උන්නැහේ මැංගුස්ටින්වලට ප්‍රසිද්ධ දිස්ත්‍රික්කෙකින් පත්වෙච්ච පරණ තෙම්පරාදු දේශපාලනඥයෙක්... කිසි දවසක පරාජිත වෙන්නෙ නැහැ කියන මුන්නැහේගෙ පවුලේ තවත් ජනප්‍රිය තරුණ දේශපාලුතුමෙක් ඉන්නව.

කොහොම හරි මුන්නැහේ ආණ්ඩුවට යනවය කියල පැතිරුණ ආරංචියත් එක්කම කියැවුණේ එයාට ආණ්ඩුවේ කැබිනට් පට්ටමකුත් ලැබෙන බවයි... ඒක වෙදහෙදකම්වලට සම්බන්ධ එකක් කියලත් කතාව ගියා... මේ ආරංචිය පැතිරිලා ගියාම කැබිනට් වැඩේට ඇතුළෙන් ලොකු විරෝධයක් ආවලු...

ආණ්ඩු ගණනක හිටපු මුන්නැහේ මේ ආණ්ඩුවට ගාව ගන්නවාට පොහොට්ටුව පැත්තෙනුත් අසතුට පළවුණා...

ඒ නිසා කැබිනට් කතාව නිකම්ම දියවෙලා ගියා... ඒ අතරේ උන්නැහේට ටැලිෆෝන් පක්ෂයයි ආණ්ඩුවයි දෙකම නැතිවෙන්න යනවය කියල ඊළඟට ආරංචියක් පැතිරුණා.

ඒ හින්ද මුන්නැහේ ආපසු ටැලිෆෝන් පක්ෂයට සැට්වෙන්න තීන්දුවක් ගත්ත කියමුකො.. එහෙම තීන්දු කරල ඊයෙ පෙරේදා දවසක ඉතාම රහසිගතව ටැලිෆෝන් පක්ෂයේ ලොකුතැන කොළඹදී රහසෙම හමුවෙලා පරණ පව් සමා කරගත්තලු. ඊළඟට පක්ෂයෙ රැස්වීම්වලටත් එන්න පටන් ගත්ත බවයි ආරංචි...

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00