2023 මාර්තු 19 වන ඉරිදා

උන්නැහේට රථගාය

 2023 මාර්තු 19 වන ඉරිදා, පෙ.ව. 06:00 581

හුඟාක් ඈත දුර පළාතක් පාලනය කරන පළාත් ආණ්ඩුවෙ ඉහළම බලවතෙක් තමන්ට අයිති පළාත් සභාවෙ සුපිරි වාහන තොගයක්ම කොළඹ ගෙනැල්ල ගාල් කරගෙන තිබෙන බවට මහ කන්තෝරුවට පැමිණිලි ගණනාවක්ම ලැබිලලු...

තමන්ට භාරවෙච්ච පළාතට ජීවන හුස්ම ලබාදෙන්න පත්කරපු පළාත් බලවතා තමන්ගෙ නිලයට අයිති සුපිරි වාහන වගේම ඒ පළාතෙ හිටපු මහ ඇමැතිටයි ඇමැතිවරුන්ට අයිතිව තිබුණ සුපිරි වාහනත් තමන්ගෙ කොළඹ ගෙදරට ගෙනැල්ලලු...

එයාට මේ දුර පළාත පාලනය කරන්න දුන්නට උන්නැහේ ඉන්නෙම කොළඹ කියලත් කතාවක් යනව..

මේ පැමිණිල්ල ගැන වගවිභාග කරල කරුණු කාරණා හරිනම් උන්නැහේගෙ ටිකට් එක කපන්න කියල ඉහළටම ලොකු බලපෑමක් එල්ල වෙලා කියල ආරංචියි...

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00