2023 මාර්තු 12 වන ඉරිදා

එයා හිතේ අමාරුවෙන්

 2023 මාර්තු 12 වන ඉරිදා, පෙ.ව. 06:00 719

උතුරෙන් ආපු ඩගීතුමා මේ දවස්වල ඉන්නේ අවුලෙන්ලු. මේ අවුලට හේතුව ආණ්ඩුව ගනිපු එක්තරා තීන්දුවක් බවයි ආරංචි.

තමන්ගෙ ඡන්ද වැයික්කිය ඇතුළෙ විශාල හෝටල් ව්‍යාපෘතියක් පටන් ගන්න. එයා එක්ක කෝන්තරයක් තියෙන කෙනෙකුට අවසරයක් ලබාදීම තමයි මේ ආරෝවට මුල.

මේ අවසරය ලැබිල තියෙන්නෙත් එසේ මෙසේ කෙනෙකුට නෙවෙයි... පසුගිය කාලෙ උතුරු නැගෙනහිර කළඹවපු සංවිධානෙ ඔත්තු ලොක්ක වන පොට්ටුගෙ මස්සිනාටලු. ඒ ගැන දැනගත් ඩගීතුමා කියන්නේ තමන්ගෙ ඔලුවෙ කූඩා හදන්න පිට කපුටන්ට අවසර දීම තමන්ට කළ අසාධාරණයක් බවයි. විශේෂයෙන්ම එයත් නොදැන මේ අවසරය දීපු එකයි එයාට තිබෙන හිතේ අමාරුව.

මේ ගැන ටිකක් සැරෙන් ඉහළට කතා කරන්න ඩගීතුමා සැරසෙන බවත් ආරංචියි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00