2023 පෙබරවාරි 26 වන ඉරිදා

උන්නැහේ යනවලු

 2023 පෙබරවාරි 26 වන ඉරිදා, පෙ.ව. 06:00 548

රාජ්‍ය සේවයේ ඉහළම පට්ටමක් දරන ලොකු මහත්තයෙක් ඉල්ලා අස්වෙන්න යනවය කියල ලොකු හා හූවක් තියෙනවා...

උන්නැහේ අස්වෙන්න යනවය කියන්නෙ පුංචි ඡන්දෙ කල් දැමීම සඳහා නොයෙක් නීතිමය ජරමර කළා කියල දේශපාලන පක්ෂ නායකයො එයාට චෝදනා කරන නිසාලු. ඉදිරි කාලයේ මේ හේතුව මත එයා උසාවි ගෙනියන බවටත් සමහරු තර්ජනාත්මකව ප්‍රකාශ නිකුත් කරලා.

මේ හුටපට හින්ද එයාටත් ආතතිය හැදිලලු... ඒ වගේම උන්නැහේගෙ ගෙදරිනුත් නොයෙක් අවවාද ලැබිලය කියලයි ආරංචි. කොහොම හරි මේ ආරංචිය පැතිර යද්දි හැමෝම සොයන්න පටන් ගත්ත කවුද මේ රස්සාව එපා වෙච්ච ප්‍රබල නිලධාරිය කියලා...

අපිට ලැබුණ තොරතුරුවල හැටියට මෙයා පොඩි මිනිහෙක් නෙවෙයි. මාසෙකට රුපියල් මිලියන දෙකක් විතර ඒ කියන්නෙ ලක්ෂ විස්සක් කිට්ටුව පඩි නඩි ගන්න ආණ්ඩුවෙ ලොකුම නිලමෙ කෙනෙක්ලු...

ආණ්ඩුවෙ සිරිය-වර්ධනය කරන්න ඇප කැපවීමෙන් ක්‍රියා කරන මුන්නැහේ රජයේ ඉහළම ලේකම් සයිස් මහත්තයෙක් කියලා තතු දත් අය කියනවා... තිබෙන කලකිරීම නිසා මෙයා ගෙදර යන්න හැදුවත් ඒකට තවමත් ඉහළින් නම් අවසර ලැබිලා නැතිලු.