2023 පෙබරවාරි 19 වන ඉරිදා

අන්තිම ට්‍රයි එක

 2023 පෙබරවාරි 19 වන ඉරිදා, පෙ.ව. 06:00 1131

රටේ ලොකු මහත්තයා මහ පුටුවට පත්වෙන වෙලාවේ පොහොට්ටුවේ ලොක්කන්ට පොරොන්දුවක් වුණාලු එයාලා යෝජනා කරන විදිහට ආණ්ඩුකාර තනතුරු සහ ඇමැති පට්ටම් දෙන්නම් කියලා. ඒත් ඒක ඒ විදිහට වුණේ නෑලු.

හැබැයි වාර ගණනාවක් ඉල්ලීම් සාකච්ඡා සිද්ධ වුණත් පොරොන්දුව ඉෂ්ට කර ගන්න බැරි වුණාලු. ඒ නිසා මේ ගැන කනස්සල්ලෙන් ඉන්න පොහොට්ටුවේ ඈයෝ මේ සතියේ අවසන් ඉල්ලීම කරලා ලිපියක් රටේ ලොකු මහත්තයට යවන්නලු තීරණය කරලා තියෙන්නෙ. මේක අවසන් ඉල්ලීම වගේලු යවන්න හදන්නෙ. හැබැයි ඒ පාරත් වැඩේ සිද්ධ නොවුණොත් සති දෙකක කාලයක් ගියාට පස්සෙ තීන්දුවක් ගන්නවය කියල කියනව. ඒත් මොකද්ද එයාල කරන්න හදන්නෙ කියල නම් ආරංචියක් නැහැ.