2023 ජනවාරි 22 වන ඉරිදා

අලුත් නායකයෙක්

 2023 ජනවාරි 22 වන ඉරිදා, පෙ.ව. 06:00 569

ජාතික ප්‍රශ්නය ගැන විසඳුම් කතාකරන හාමුදුරුවරු කණ්ඩායමක් මේ දවස්වල ජාතික නායකයෙක් හොයනවලු රට බාරදෙන්න අනාගතේදී. ජාතික අනන්‍යතාවය තියෙන, කෙලින් වැඩකරන උගත් කෙනෙක් තමයිලු මේ අය හොයන්නේ. මේ ගැන සාකච්ඡා වට කීපයක්ම කොළඹ ප්‍රදේශයේ පන්සලක පවත්වාගෙන ගොස් ඇති අතර ඒ සඳහා ප්‍රසිද්ධ ස්වාමීන්වහන්සේ රුසක්ද සහභාගි වී තිබේ.

එහිදී පක්ෂවල ස්වාධීන මුහුණුවරක් තියෙන නායකයෝ, රාජ්‍ය ආයතන දෙක තුනක ප්‍රධානීන්, වගේ කීප දෙනෙකුගේ නම් කතාවෙලා තියෙනවලු. ඒත් ඒ අතරින් හිත ගිහිල්ලා තියෙන්නේ රාජ්‍ය ආයතනයක ලොකුම කෙනෙක්ටලු. ඉන්දීය අගමැතිතුමාගෙ ඇඳුම අඳින දැනට රටේ ගොඩක් දෙනෙක් නම කතාවෙන ඒ ප්‍රධානියා මේ මෑතක පන්සලටත් ගෙනැල්ලා කතා කළාලු. ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් නිතර කතා කරන ආණ්ඩුව එක්ක පැටලිලා ඉන්න මේ ලොකු තැන ගෙනැල්ලා යෝජනාව කළා කියලයි ආරංචිය. ඊටපස්සෙ ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න ඒ ජනප්‍රිය චරිතය තමන්ගෙ ගමන තවත් වේගවත් කරලලු.