2022 නොවැම්බර් 20 වන ඉරිදා

අලුත් මුහුණක් එනවලු

 2022 නොවැම්බර් 20 වන ඉරිදා, පෙ.ව. 06:00 575

ළඟදිම විපක්ෂයෙ ජාතික මට්ටමේ ලැයිස්තු මන්ත්‍රී පට්ටමක් පුරප්පාඩු වෙනවලු...

දැනට ඒ තනතුර දරන නෝන මහත්තය ලොකු නීති ප්‍රශ්නයකට පැටලිලා එයාගෙ පට්ටම කැන්සල් වෙන්නලු යන්නෙ..

ඉතින් මෙහෙම ජාතික මට්ටමේ ලැයිස්තුවෙ තනතුරක් පුරප්පාඩු වෙනකොට ඒකට පැනගන්න දැන්ම ඉඳලම කිහිප දෙනෙක් සැට්වෙමින් ඉන්න බව ටැලිෆෝන් පක්ෂය පැත්තෙන් ආරංචි වෙනව.

ඒ අස්සෙ ඔය පක්ෂයෙන් ඡන්දය ඉල්ලල පැරදිච්ච කොළඹ දිසාවෙ නෝන කෙනෙක් ඊයෙ පෙරේදා මාද්දියට කිව්වෙ "සමහරැ කියනව ඔය එන්න තියෙන පුරප්පාඩුවට පක්ෂයෙන් මම පත් කරන්න යනවය කියල... ඒත් අනේ ඔය පින් මන්ත්‍රීකම් නම් මට එපා" කියලයි.

ඒත් සමහරු නම් කියන්නෙ එයා ඔය එපා කියන්නෙ එයාට තනතුර ඕන නිසා කියලයි.

කොහොම නමුත් ටැලිෆෝන් පක්ෂයෙ ඉහළ තැන්වල ආරංචි අනුව පුරප්පාඩු වෙන්න ඉඩ තියෙනවය කියන ලැයිස්තු මන්ත්‍රීකමට එයාල ඡන්දෙ පැරදිච්ච කෙනෙක් දාන්නෙ නැතිලු.
මෙච්චර කල් පක්ෂය වෙනුවෙන් දරදිය ඇදපු බාහිර ආර්ථික අංසෙ විද්වතෙක් ඒ තනතුරට පත් කරන්න ඉඩ තිබෙන බවයි ලැබෙන ආරංචිවලින් තහවුරු වෙන්නෙ.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00