2022 මැයි 29 වන ඉරිදා

ඒ දෙන්නට මල පැනලලු

 2022 මැයි 29 වන ඉරිදා, පෙ.ව. 10:00 605

නිතරම රට දැය සමය ගැන කතා කරමින් කටින් බතල හිටවන සමහර දේශපාලුතුමන්ලාට මොනව නැතිවුණත් ඇමැති පට්ටමක් නැතිවුණොත් මල පනින්නෙ ඉබේටමයි...

මේ ආණ්ඩුව පත්වුණේ රටට ඉතාම අමාරු අවස්ථාවක වුණත් පත්කරපු කැබිනට්ටුවට තමන්ලා ඇන්ටර් නොකර ගැනීම ගැන කෝපයට පත්ව ආණ්ඩුවෙ ලොක්කන්ට අසභ්‍ය වචනෙන් බණින ලොක්කො දෙන්නෙක් ඉන්නවලු... එක්කෙනෙක් රජරට අනිත් එක්කෙනා උඩරට... මෙයින් එක්කෙනෙක් මෙයට පෙර ඇමැතිකම් කරද්දී හොඳ හොඳ වැඩකරල වාර්තාවක් තියාපු රජරටට පෑයූ චන්ද්‍රයා වගේ ඉන්න පොරක්....

තමන්ට නොමැති ඇමැතිකම නිසා තරහින් ඉන්න උඩරට ලොක්ක කට නිසා කලකට පෙර හොඳටම අමාරුවෙ වැටිල ආණ්ඩුවෙ බෝඩිමෙත් හිටපු කෙනෙක්...

ඉතින් මේ දෙන්න තුන් දෙනාගෙ අසභ්‍ය ගෝරිය ඉහළ තැන්වලටත් ආරංචි වෙලා. ඒක ආරංචි වෙච්ච ආණ්ඩුවෙ ඉහළ උදවිය කියන්නෙ මොනව කිව්වත් පුරප්පාඩු නැත්නම් මොනව කරන්නද කියලලු...

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00