2022 මැයි 29 වන ඉරිදා

කරණමකට අර අදිනවලු

 2022 මැයි 29 වන ඉරිදා, පෙ.ව. 10:00 784

දුරකථන පාටියේ කෝට්ටේ පැත්තේ ඉන්න ආර්ථිකය සම්බන්ධයෙන් දක්ෂ කෙනෙක් මේ දවස්වල ඉන්නේ ඉතාම කලකිරීමෙන්ලු. ඒ එයාගේ පක්ෂයේ නායකයාගේ වැඩ සම්බන්ධයෙන්ලු. මොකද නායකයගේ වැඩ නිසා අනාගතයක් නෑ කියලා ඒ අය කීප දෙනෙක් එක්කම කියලලු රෑට රෑට. නිකං නෙමෙයි ටිකක් දිව පැටලෙන්නම සැරට අරගෙනලු.

මේ මෑතක එයා,  ඒ කාලේ හිටිය කට්ටියකට කතා කරලම කිව්වලු අපි අලුත් පාටියක් පටන් ගමු කියලා. ඒ තරමට එයා කලකිරිලලු ඉන්නේ. එයාට ආණ්ඩුවට එන්න ආරාධනා ගොඩයිලු. ඒත් එයා ඒකට අකැමැති වුණාලු. මොකද එයාට මුදල් සම්බන්ධයෙන් ලොකු තනතුරකට ආරාධනා කරන නිසා කරන්න පුළුවන්වෙයිද බැරිවෙයිද කියලා හිතලලු ආරාධනාව භාර නොගන්නෙ. ඒ නිසා වැට උඩ ඉන්න මෙයා ගහන කරණම හැමෝටම දැන් ප්‍රශ්නයක් වෙලාලු තියෙන්නේ.