2022 අප්‍රේල් 24 වන ඉරිදා

දුරකථනයත් රැඩිකල් වෙයි

 2022 අප්‍රේල් 24 වන ඉරිදා, පෙ.ව. 10:00 615

දුරකථන පාටියේ සමහර වැඩ දැන් ටිකක් අල වේගෙනලු එන්නේ. ඒකට හේතුව පක්ෂයේ ලොකු අයගෙ දියාරු වැඩ කියලයි තතු දත් උදවිය කියන්නෙ. මේ නිසාම අවසානයේ පක්ෂයේ තරැණ කට්ටිය තීන්දුවක් ගත්තලු ජනතාවගේ ඉල්ලීම අනුව ඔවුන් කණ්ඩායම වැඩ කරනවා කියා.

ඒකේ පළවෙනි වැඩේ තමයි විශ්වාසභංගය. නායක තැනවත් නොදැන එකපාරම පොඩි අය විසින් ගෙනාපු යෝජනාවක්ලු. ඒකටත් පොඩ්ඩක් නායක තැන අකැමැති වෙලා තියෙද්දි තරැණ කණ්ඩායම ගිහින් දාපු පොඩි බර බරයක් නිසාලු එකඟ වුණේ. දැන් ඉතින් මෙතන ඉඳලා මේ පොඩි කණ්ඩායම තමයිලු වැඩේ කරන්නේ. ඒකට ඉන්නවලු කට ඇති කට්ටියක්.