2022 ජනවාරි 08 වන සෙනසුරාදා

පරණ ලොකු තැනගෙ අලුත් උපදෙස්

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 913

මේ දවස්වල අලි පාටියේ ලොකු තැනට හරිම කාර්යබහුලයිලු. ඒකට හේතුව එයාගෙන් උපදෙස් ගන්න කට්ටිය බොහෝ දෙනෙක් පොරකකා එන නිසාලු. ඒ අතරින් ගොඩක් එන්නේ දුරකථන පාටියේ අය කියලයි ආරංචි. හම්බවෙන්න නාවත් ඇමතුමක් දීලා "සර් මේ වැඩේට මොකද කරන්නේ", “සර් මේ වැඩේට උසාවියට ගියොත් හොඳද?" වගේ දේවල් අහනවලු. ආණ්ඩුවට එරෙහිව කරන්න ඕන සමහර දේවල් ගැන තරැණ මන්ත්‍රීවරැන්ට එතුමාගෙන් අලුත් අලුත් උපදෙස් ලැබෙනවා කියලයි ආරංචිය

කොහොම වුණත් එතුමත් එයාගේ පක්ෂයේ දාලා ගියා කියලා කිසිම වෙනසක් නොකර දන්න දැනුම බෙදලා දෙනවලු. ආරංචි හැටියට උන්නැහේට දවසට ඇමතුම් තුන හතරක් වරදින්නේ නෑලු. මේ අතර සමහර අය පක්ෂ දෙක එකතුවෙලා වැඩ කරන විදිහ ගැනත් අලුත් යෝජනා ඉදිරිපත් කරන්න පටන් අරන් කියල කියවෙනව. ඒත් ඒවාට නම් එතුමා සද්දයක් නෑ කියලයි දැනගන්න ලැබෙන්නේ.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00