2022 ජනවාරි 01 වන සෙනසුරාදා

තවත් දීගයක්

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 764

සීනුව පාටියේ ලොකු තැන පහුගිය දවසක ලොකු සමුළුවක් ලෑස්ති කළාලු. ඒකට ගොඩක් අය ආවා විතරක් නෙමෙයි ගොඩක් අය ඒකට උදව් කරන බවත් කිව්වලු. කොහොම වුණත් මේ වැඩේට තව දූත කණ්ඩායමක් ආවා කියලයි ආරංචිය. ඒ දූත කණ්ඩායම කාලයක් මෙයාලා එක්ක එකට ඉඳලා ගැලවිලා ගිය ඉදිරිගාමී කණ්ඩායමක අයලු.

මේ අය ආවේ දූතයෝ හැටියට ඉදිරි ගමනකට මේ දෙගොල්ල එකතු කරන්නලු. ඒක එදා ආව අයත් එක්කත් කියලලු. කොහොම හරි මේ කතාව ඉක්මනින්ම සීනුවේ ඉහළ තැන්වලට ගියාලු. හැබැයි ඒ කවුරැත් ඒ දූත පිරිසගේ යෝජනාවට තවම එකඟත්වය පළ කරලා නැහැ කියලයි ආරංචි. මොකද ඒකට හේතුව ඉදිරිගාමී අයගේ නායකයා දවසින් දවස සීනු නායකයාව විවේචනය කරන නිසා ඒක ගැන ඒ අයට හිත් රිදවීමක් තියෙනවලු.