2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා

පණ්ඩිතකමක්

 2021 නොවැම්බර් 20 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 686

සල්ලි භාර ඇමැතිතුමා දියවන්නා කවුන්සිලේදි 2021 වෙනුවෙන් අයවැය කතාව කරගෙන යන වෙලාවෙ සමහර ආදායම් යෝජනා ඉදිරිපත් කරන්නත් කලින් ඒවා මාධ්‍ය මගින් සාකච්ඡා කිරීමට එක්තරා පිරිසක් කටයුතු කළ බව ආරංචියි...

ආණ්ඩුවට සම්බන්ධ ඉහළ පෙළේ පුද්ගලයන් හැටියට පෙනී සිටින දෙතුන් දෙනෙක් ආණ්ඩුවෙම මාධ්‍ය ආයතනයක සාකච්ඡාවක් මගින් මේ වැඩේ කළාය කියලයි තතු දත් අය කියන්නෙ...

එයාලට මේ යෝජනා ලැබුණෙ කොතනින්ද කියල කවුරුවත්ම දන්නෙත් නැතිලු...

කොහොම නමුත් මේ වැඩේ වැරදි නිසා ආණ්ඩුවෙම අයවැය ගැන උනන්දු වෙන දේශපාලන බලවතුන් කිහිප දෙනෙක් මේක මෙහෙම වුණේ කොහොමද කියලා සොයල බැලුවලු...

එතකොට කනින් කොණින් ආරංචි වුණේ තමන් ආර්ථික විශේෂඥයෙක් බව කියන කතාවට ප්‍රසිද්ධ ආණ්ඩුවෙ පසුපෙළ වාඩිවෙලා ඉන්න පොරක් මේ කටයුත්ත කෙරෙව්ව කියලලු...

කොහොම නමුත් ලිහා බලන්න තිබෙන මල්ල කලින්ම ඔබා බලන්න ගිහින් මේ මන්ත්‍රී පඬිතුමා ආණ්ඩුව ලොකු අමාරැවක දැම්ම කියල වගකිවයුතු අය කේන්තියෙන් ඉන්න බව නම් ආරංචියි.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00