2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා

අමුතු යාළුකමක්

 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 660

දෙමටගොඩ පාතාලයෙක් පහුගිය දවසක රහස් පොලීසියෙන් ඇල්ලුවනෙ. ඒ කෝටි ගණන් දේපළ අයථා ලෙස හම්බකළා කියල. දැනට දේශපාලන ඝාතනයකට මරණ දණ්ඩනය හම්බවෙලා ඉන්න කෙනෙක්ගේ අයියා වෙන මෙයා දේශපාලන හිතවත්කම් රැසක් තියෙන කෙනෙක්. කොහොම වුණත් මෙයා අත්අඩංගුවට අරන් පරීක්ෂණ කරනකොට මෙයා එක්ක කාකි ලොක්කකුගේ ලොකු සම්බන්ධයක් තිබුණා කියල හෙළිවෙලා.

පොලීසියේ උඩ ඉඳල තුන්වැනි තනතුරු අස්සේ එක් තනතුරක් දරණ මෙයා පහුගිය කාලේ ප්‍රසිද්ධ වුණේ එක්තරා මස් ජාතියක් කන්න ආසා ලොක්කෙක් හැටියට. මස් නිසා පොඩි නිලධාරීන් පවා අමාරැවේ දාපු මෙයා මේ පාර මේ පාතාල සගයා එක්ක හොඳ හොඳ නැටුම් ටිකක් නටල කියලයි ආරංචිය. රාත්‍රී සමාජශාලාවල එහෙම ගිහින් හොඳට ෆන් අරගෙන කියල ෆොටෝ පිටින්ම අහුවෙලාලු තියෙන්නේ. දන්න හැටියට දැන් උඩින් කියලලු තියෙන්නේ මෙයාගේ නාඩගම් ගැන හොයල වහාම වාර්තාවක් දෙන්න කියල.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00