2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

සමගියට වලි

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 734

දුරකථන පාටිය එක්ක අලි පාටිය ඊළඟ මැතිවරණවලට යමු කියලා අලි පාටියේ පළා බබාලා වගයකුයි පාටිය අත්ඇරලා යන්නම බැරි හිටපු මන්තිරි කීපදෙනෙකුයි අලි පාටියේ උඩ කීපදෙනෙකුට යෝජනා කරලලු. මේක කනින් කොනින් දකුණු පළාතේ ඉන්න පක්ෂ ලොක්කෙකුගෙ කනට ගිහින්. කතාව අහලා කලබල වුණ එයා පක්ෂයේ නිලධාරී ලොකුතැන්වල අයත් හම්බවෙලා කිව්වලු එයාලා එක්ක එකතුවෙන්න ඕන නෑ කියලා. මොකද දැන් දුරකථන පාටියේ අය කඩාගෙන මේ පැත්තට එන කාලයක් කියලා. කොහොම වුණත් පක්ෂය ගැන එයා අභිමානයෙන් කතා කළා කියලයි ආරංචිය.

මේ කතාව කනින් කොනින් අලි පාටියෙ පහළ අයට දැන් ආරංචි වෙලාලු. මේක අහලා කලබල වුණ පහළ කට්ටිය වහාම එයාට විරැද්ධව පෙළ ගැහෙන්නලු යන්නේ. මොකද මේ එයාට පක්ෂයේ උඩට එන්න ඕන නිසා කියන කතා කියලා. ඒ නිසා තවදුරටත් එයා එක්ක ඉදිරියට යන්න බෑ කියලා එයාට විරැද්ධව පෙළ ගැහෙන්න යනවා කියලයි ආරංචිය.

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00