2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා

තිරය පිටුපස ගේමක්

 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 594

පුලතිසිපුරේ මංතීරු හුටපටේ නැගලම යන්න පටන් ගත්ත. සමහරු ඒකට පක්ෂව කතා කරද්දී විරුද්ධ බලවේගෙ සෑහෙන්න ලොකු වුණා. ඒත් මේක එකපාරටම මතුවුණේ ඇයි කියල ආණ්ඩුව පැත්තෙනුත් අවධානෙන් හිමිය. මොකද මේ වැඩේට ඒ කාලෙ මුල්වෙලා හිටියෙ අලි පාටියෙ මන්ත්‍රී සයිස් මහත්තයෙක් නිසා...

කොහොම කොහොම හරි විරෝධය නැගලම යද්දී ආණ්ඩුවෙ ඉහළට ආරංචි වුණේ මේ විරෝධය තිරය පිටිපස්සේ ඉඳන් මෙහෙයවන්නෙ ඒ පළාතෙ ප්‍රබල දේශපාලන පින්වතෙක් බවයි. උන්නැහේ ගෙදර ඉඳගෙන හැමතැනටම කතා කර කර මංතීරු වැඩේ අල කරමින් ආණ්ඩුවෙ අයත් එක්ක හිනාවෙවී කතා කරන්න දක්ෂයෙක්. කොටින්ම කිව්වොත් හොඳ නළුවෙක්.

ඉතින් මේ බව ආණ්ඩුවෙ ඉහළ තැන්වලට වගකිවයුතු අංශ වාර්තා කළා... ඒ එක්කම මංතීරු වැඩෙත් නැවතුණාලු...

කොහොම නමුත් මේ ගැන කේන්තියට පත් පිරිසක් දැන් මේ තිරය පිටුපස ලොක්කගෙ හුටපට වගයක් කරළියට ගෙන ඒමේ සූදානමක් තිබෙන බවයි ආරංචි.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00