2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා

ආසයි බයයි

 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 955

අත පාටියේ බහුතර කට්ටියගෙන් යෝජනාව තියෙන්නේ ආණ්ඩුවේ ඉන්න ගමන් සන්ධානයක් හදන්න කියලලු. ඒත් ඒකට අකමැති එකම කෙනා ඉන්නේ ඒ පාටියේ ලොකු තැනලු. ඔහු කියන්නේ සදාචාර නෑ කියලලු ඒ වැඩේ. කොහොම වුණත් අඩුම ගානේ බලය අල්ලන්නවත් අදහසක් තියෙනවා නම් ඒ වැඩේ කරන්න කියලලු ඒ අය කියන්නේ.

මේ සන්ධාන වැඩේ වෙන්නේ නැති නිසා දැන් අලුත් යෝජනාවක් ඇවිත්ලු. ඒ තමා අත පාටිය මූලිකත්වය අරගෙන ප්‍රතිපත්ති මාලාවක් හදන්නලු අනෙක් අයත් සම්බන්ධ කරගෙන. එහෙම කරලා ඒ ප්‍රතිපත්තිය වෙනුවෙන් සියල්ල අත්සන් අරන් ආණ්ඩුවට දෙන්නලු ලෑස්තිය. හැබැයි ඒකටත් ලොකු තැන තවම හා කියලා නෑලු. කොහොම වුණත් ඒ වැඩේ වෙයි කියලා තමයි ඇතුළෙන් ආරංචි වෙන්නේ.

මේ කේස් එකට ඉහළින් බැහැ කියන්නෙ පාස්කු වැඩේ හින්ද කියල සමහරැ කියනව. කොහොම නමුත් එස්.පී. තුමා එක්කත් අත පාටියේ ඉහළ උදවිය නිල නොවන සබඳතා තර කරන් කියල ආණ්ඩුවත් දන්නවලු.