2021 අගෝස්තු 28 වන සෙනසුරාදා

ගල් බිස්නස්

 2021 අගෝස්තු 28 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 530

මේක ගල් ප්‍රශ්නයක්. ගල් කිව්වම අක්කර දහයක් පුරා පැතිරිලා තිබෙන විශාල ගලක් සම්බන්ධ කතාවක්... මේ ගල තිබෙන්නෙ වයඹ පළාතෙ කටුවලට ප්‍රසිද්ධ පොතක් තිබෙන ගමකලු... දැනට ගල අයිති ආණ්ඩුවට අයිති එක්තරා වත්තකටලු....
ආණ්ඩුවෙ වත්තක මෙහෙම දැවැන්ත ගලක් තියෙන කොට එක් කඩන්න ගල් කොරියක් දාන්න ව්‍යාපාරිකයො රාශියක් ඉදිරිපත් වුණා...

කොළඹ කෙරෙන සංවර්ධන වැඩ සඳහා කාලයක් ගල් සපයන්න මේ ගල ප්‍රමාණවත් නිසා ඉල්ලුම්කාරයො අතරෙ ඒකට තිබුණෙ ලොකු තරගයක්.... ඒ වුණත් මේක අයිති ආණ්ඩුවට නිසා ගලේ පූර්ණ බලධාරිය එක්තරා ඇමැති සයිස් මහත්තයෙක්....
කළුවර දවසට %චන්ද්‍රයා^ නැග එනව වගේ තමන්ගෙ ඉඩම සංවර්ධනයෙන් එළිය කරන්නයි උන්නැහේටත් ඕන...

කොහොම නමුත් මේ විශාල ගලට ඉල්ලුම්කාරයො අතරෙ තරගෙ වැඩි නිසා ඒක කොටස් වශයෙන් එක එක්කෙනාට පවරන්න ඇමැති තැන සාධාරණ තීන්දුවක් ගන්න... ඊට පස්සෙ ඉල්ලුම්කාර ව්‍යාපාරිකයො කැඳවල මේ වැඩේ කෙරෙන්න නම් අපටත් මෙහෙම කෙරෙන්න ඕන කියල කරැණු කාරණා කිව්ව... එහෙම කිව්වම දහ පහළොස් දෙනෙක් ඒකට එකඟවෙලා 'යුතුකම්' ඉටුකළා.

ඒ විදියට යුතුකම් ඉටුකරලා කාලයක් ගියත් වැඩේ කෙරැණෙ නැහැ... ඒ හින්දා මේ ගැන ඔය ව්‍යාපාරිකයො ඇහැ ගහගෙන හිටියා... දේශපාලන ලොක්ක හම්බවෙලා වැඩේ කෙරෙන දවස ගැන ඇහුවම අද කරනවා හෙට කරනව කිව්ව මිසක් කාරණාව නම් ඉටුවුණේ නැහැ... අන්තිමට එක එක්කෙනා දේශපාලන බලවතාට තදින් කිව්වා වැඩේ කරන්න කියලා සමහරු රණ්ඩුත් වුණාලු...

ඔය අතරේ කොළඹ පළාතෙ වෙනත් බලවත් ව්‍යාපාරික සමාගමක් ගල සුද්ද බුද්ද කරල ගල් කොරියක් පටන් ගන්න ලෑස්ති වුණා.

ඒක ආරංචි වුණ කලින් යුතුකම් ඉටකළ ව්‍යාපාරික කස්ටියට මල පැනල අදාළ දේශපාලන බලවතා හමුවෙලා ලොකු පෝරියල් එකක් දැම්මලු. ඊට පස්සෙ උන්නැහේ වරද පිළිඅරන් කළින් ව්‍යාපාරිකයො ඉටුකරපු &යුතුකම්* නැවත පිරිනමන්න තීන්දු කළාලු.

ඒ ව්‍යාපාරික කස්ටිය මේව දැන් හැමතැනම කියනව. රටේ ඉහළම තැනටත් ළඟදීම කියන්නලු යන්නෙ....

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00