2021 අගෝස්තු 21 වන සෙනසුරාදා

අමුත්තෙක් ඇවිත්

 2021 අගෝස්තු 21 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 1013

ආණ්ඩු පක්ෂනායක හමුවට අනවසරයෙන් එන කෙනෙක් ගැන මේ සතියේ ආණ්ඩුවෙන් ගෝරියක් ඇදල.... උන්නැහේ විපක්ෂයෙන් එහෙම එන්න අවසර තිබෙන නම් ලැයිස්තුවෙ නම නැති කෙනෙක් කියල කියැවෙනවා.

කලකට ඉස්සර රටේ මහ පුටුවටත් කුරුමානම් අල්ලපු මුන්නැහේ ජීවිතේ වැඩි කාලයක් හිටියෙ රටේ ලොකු බලකායෙයි. අන්තිමට එයා සතුව තිබුණ සියලු බලය හා තනතුරු අහිමි වුණාට පස්සෙ උන්නැහේ සාමාන්‍ය දේශපාලනේට බැස්සේ පක්ෂයක් හදාගෙන ඒකෙන් දේශපාලනේ කළත් දියවන්නාවට ඇන්ටර් වෙන්න අමාරු බව පෙනුණු නිසා පසුකාලෙ මෙයා විපක්ෂයෙ ප්‍රධාන පක්ෂයක් එක්ක සැට්වුණා. යහපාලන කාලේ ඇමැති පට්ටමක් ලැබුණට ඒක ඒ හැටි වැඩක් කරන්න පුළුවන් තැනකුත් නෙවෙයි...

එයා ඒ කාලෙ බලාපොරෙතේතු වෙච්ච ආරක්ෂක අංශයේ පට්ටම නොලැබුණේ එදා හිටපු ලොකු තැනගේ අකමැත්ත නිසා බවයි තතුදත් අය කිව්වෙ.... කොහොම හරි බය නැතුව කතා කරන කවුන්සිලේදීත් සමහර කොකුවලට පැටලෙන මුන්නැහේ අනවසරයෙන් පක්ෂනායක හමුවට ආපු එක ගැන ප්‍රශ්නය සැර කතාබහක් එක්ක ඇදිලා ගියා....
අන්තිමට තීන්දු වුණේ එයාගෙ නම පක්ෂනායක හමුවට එන අය තෝරන කමිටුවට ඉදිරිපත් කරලා අවසරයක් ගන්න. ඒ අවසරය නැතුව ආයෙ එන්න එපා කියලත් ඒ වෙලාවෙ ආණ්ඩුවෙ බලවත් උදවිය කිව්වලු.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00