2023 මැයි 21 වන ඉරිදා

උන්නැහේ වහකදුරු වෙලා...

 2023 මැයි 21 වන ඉරිදා, පෙ.ව. 06:00 677

රටේ හිටපු ලොකුතැන මහ පුටුවෙ වාඩිවෙලා හිටපු අවුරුදු තුනේදී උන්නැහේ කිට්ටුවෙන්ම අගසව් වගේ හිටපු දෙන්නෙක් දැන් තැන් තැන්වල හිටපු ලොකු තැනට දොස් පරොස් කියමින් බොහොම සැරට බනිනවය කියල ආරංචියි.

මේ දෙන්නම ආරස්සාව පැත්තෙ ඉහළම වගකීම් දැරු දෙන්නෙක්ලු... එයින් එක්කෙනෙක් නම් ලොකු දේශපාලන බලාපොරොත්තු ඇතුව ඉන්න කෙනෙක් කියලයි ආරංචි. අනෙක් එක්කෙනා ආරක්ෂක අංශ තිරය පිටුපස මෙහොයුම් කරපු බලවත්ම චරිතයක්ලු.

මේ දෙන්න තරම් කිට්ටුවෙන් හිටපු ලොකු තැන ආශ්‍රය කරපු අය හිටියෙ ඉතාම ටිකයි. හැබැයි බලය නැතිවුණ ගමන් උන්නැහේව මේ දෙන්නට වහකදුරු වෙලාලු. විශේෂයෙන් අරගලය කාලෙ මේ දෙන්නම තමන්ගෙ රාජකාරි වගකීම්, යුතුකම් ඉටු නොකළ බවටත් බරපතළ චෝදනාවක් තියෙනව...

කොහොම වුණත් නැගෙන හිරුට වඳින්නත් බසින හිරුට පිටුපාන්නත් තමන් දක්ෂයන් බව ආරක්ෂක අංශයට මේ දෙන්න දැන් ඔප්පු කරමින් ඉන්න බවයි තතු දත් අය කියන්නෙ.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00