2023 මැයි 21 වන ඉරිදා

එයාට දෙන්නෙ නැහැ

 2023 මැයි 21 වන ඉරිදා, පෙ.ව. 06:00 736

පහුගිය දවසක රටේ ලොකු තැනව හම්බවුණාලු දුරකථන පාටියේ ඉහළ මට්ටමේ ලොක්කෙක්. ආ ගිය තොරතුරු කතා කර කර ඉන්න ගමන් එකපාරම දුරකථන පාටියේ එක්කෙනා ඇහුවලු පාර්ලිමේන්තු මුදල් කමිටුවේ ලොකු පුටුව එයාලගේ පක්ෂයේ ආචාර්යතුමාට නොදෙන්නේ ඇයි කියලා. ඒ වෙලාවේ ලොකු තැන හිනාවක් දාලා කිව්වලු. ''ඔයාලගේ පක්ෂයේ ඕන කෙනෙක්ගේ නම දෙන්න එයාට දෙන්නේ නෑ'' කියලා.

ඇයි ඒ සුදුසුකම් ඇති කෙනාට නොදෙන්නේ කියලා ඇහුවම ලොකු තැනගේ උත්තරේ වුණේ ''එයා වන්මෑන් ෂෝ එකක් කරන්න යනවනේ'' කියලා. ලොකු තැන වන්මෑන් ෂෝ ගහන අයට අකමැතියි කියලා මූණටම කිව්වලු.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00