2023 පෙබරවාරි 26 වන ඉරිදා

පලා බෙදිල්ලක්

 2023 පෙබරවාරි 26 වන ඉරිදා, පෙ.ව. 06:00 642

දුරකථන පාටියේ වේදිකාවල හිටිය ප්‍රබල චරිතයකට මේ දවස්වල ලොකූ කැපිල්ලක්ලු. ඒකට හේතුව එයා ඕනවට වඩා තමන්ගෙ පක්ෂයෙ ලොක්කට දෙහි කපන්න ගිහින්ලු එළිපිට. එයා ගැන කොහොමත් සමහරැ අවුලෙන් ඉන්න නිසා එයා බැණපුව ඔක්කොම ලොක්කට රෙකෝඩ් කරලම පෙන්නුවලු. ඒ නිසා ලොක්කගේ හිත රිදිලා මේ මනුස්සය පැත්තකින් තියන තැනකට වැඩේ දුරදිග ගිහිල්ලා. විශේෂයෙන් අලුත ආපු කඩුවෙල පැත්තේ කථිකයත් කෙළින්ම කියලලු ආවේ එයා එක්ක නම් වැඩ බෑ කියලා. මේ කවුරැත් නෙමේ පක්ෂයේ ලොකු තනතුරක් දරන වීරයෙක් වගේ කාලයක් ගෞරව කරපු කෙනෙක්ලු.

කොහොම වුණත් මෙයාව පැත්තක තිබ්බට එයත් කැමැත්තෙන්ලු අයින් වුණේ. ඒකට හේතුව නම් ඉදිරියේ රාජයෝගයක් එයාට තියෙන කතා යන නිසා එයා ඒ රාජයෝගයට ලෑස්ති වෙනවලු. එයා ඉදිරියේ ඡන්දයට එන්න යන්නේ සෙන්පතියෝ ටිකක් එක්ක කියලයි ආරංචිය තියෙන්නෙ. මේ කතා ටිකත් ලොක්කගේ කනට ගිහින් කියලයි ආරංචිය.