2023 ජනවාරි 15 වන ඉරිදා

සද්දෙ වහලලු

 2023 ජනවාරි 15 වන ඉරිදා, පෙ.ව. 06:00 612

ටැලිෆෝන් පක්ෂයෙ ඉහළම පට්ටමක් දරන ටිකක් 'සැර' පසුබිමකින් එන මහත්තයෙක් ඉන්නව... උන්නැහේ කලකට පෙර රටේ ලොකුම පුටුවටත් සටනක් දුන්න කෙනෙක්.

උන්නැහේ තමන් දේශපාලනේ කරන කණ්ඩායමේ ඉහළ අතුවලට පහර දෙන්න හරි සමත්... ඒ වගේම නිදහසින් පසු ගතවුණ අවුරුදු 74ම රටේ කිසිම හරිහමන් වැඩක් සිද්ධ නොවුණ බවටත් චෝදනා නගනව...

මේ කතාවල් දිගින් දිගටම කරන කොට ටැලිෆෝන් පක්ෂයෙ ලොකු ලොක්කො තීන්දු කළා මේවට කෙලින්ම උත්තර දෙන්න. ඒ අනුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨම නායකයො දෙන්නෙක් දැන් අර විවේචනය කරන මහත්තය ඉන්න වේදිකාවෙම උන්නැහේ නගන චෝදනාවලට පිළිතුරු දෙන්න පටන් අරන්ලු.

පසුගිය දවසක ගම්පහ පැත්තෙන් තවත් තැන් ගණනාවක තදින් මේක මෙහෙම වුණාලු...ඊටපස්සේ මේ ටැලිෆෝන් පාටියෙ සැර විවේචකය සද්ද නැති බවයි ආරංචි.