2023 ජනවාරි 08 වන ඉරිදා

පට්ටමකට පාර කපා ගැනීම

 2023 ජනවාරි 08 වන ඉරිදා, පෙ.ව. 06:00 595

මේ දවස්වල දුරකථන පාටියේ කෙනෙක් දේශපාලනයට වඩා පිංකම්ලු කරන්නේ. මිණිපුර පැත්තේ ලොක්කියෙක් එක්ක හැප්පුණු මේ තරුණ දේශපාලුතුමා පක්ෂයෙන් අයින් වෙන්න ඔන්න මෙන්නත් ගියාලු. අන්තිමේ පක්ෂයේ ලොකු තැන ලොක්කිව කපලා මෙයාව ළං කර ගත්තා. කොහොම වුණත් මෙයාගේ මේ වැඩ නිසා ලොක්කටත් හරිම සතුටුයිලු. ඉතින් ලොක්කව තව තවත් සතුටු කරන්න මෙයා සෙත් පතලා දැන් පිංකම්වලලු වැඩියෙන්ම  ඉන්නේ.

ඔන්න ලොක්කගේ ජන්ම දිනය තමයිලු එයා මේ පාර අල්ලන් ඉන්නේ ලකුණක් දාගන්න. මේක ටිකක් ලොකුවට දැනෙන්න කරන්න ඕන නිසා කතරගම මහ දේවාලේ තමයිලු මේ පාර පිංකම් පොළ හැටියට අරන් තියෙන්නේ. සද්දේ දාලා කරන්න යන මේ වැඩේ ගැන හැමෝම දන්නවා වුණාට මේ කරන්න යන වැඩේ හරහා ගන්න යන පිං කන්දරාව ගැනත් හැමෝම දන්නවලු. ඉතින් ලොක්කට සෙත් පතලා කරන මේ වැඩෙන් ලකුණු විතරක් නෙමේ ගන්න යන්නේ ඉදිරියේ ඇමැති පට්ටමකුත් ගන්නලු යන්නේ.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00