2022 ජුලි 31 වන ඉරිදා

අලුත් හවුලක්!

 2022 ජුලි 31 වන ඉරිදා, පෙ.ව. 08:00 550

පසුගියදා ජනාධිපති වෙන්න හීන දැක්ක කෙනාට දුරකථන පාටියෙන් ආරාධනාවක් කරලලු. ඒ එයාලාගේ පක්ෂයට කණ්ඩායමක් එක්ක එකතුවෙන්න කියලා. ලොකු තනතුරකුත් එක්ක. ඒත් එයා අකමැති වෙලාලු එහෙම බෑ කියලා.

අන්තිමේ කතාව පහදලා දුන්නම අවසාන තීන්දුවකට ආවලු. ඒ එයා හදන කණ්ඩායම එක්ක ඉදිරියේදී දුරකථනය එක්ක සන්ධාන ගතවෙන්න. ඒ දෙගොල්ලෝ එකතුවෙලා දේශපාලනය කරන්නලු ගන්නේ. කොහොම වුණත් ඒ ආරාධනාව අත පාටියටත් ආවත් එයාලා කිව්වලු එයාල හවුලේ යන්නේ නෑ කියලා. කොහොම වුණත් අර ජනාධිපති හීන දැක්ක කෙනා නුදුරේදීම අර කට්ටිය එක්ක ගිවිසුමකට යන්නලු ඉන්නේ. මොකද එයා ආයේ පොහොට්ටුවේ යන්නේ නෑ කියලා තීරණය කරලා තියෙන නිසා.