2022 ජුලි 31 වන ඉරිදා

පට්ටම් පෝලිමක්

 2022 ජුලි 31 වන ඉරිදා, පෙ.ව. 08:00 536

මේ දවස්වල සමහර අමාත්‍යංශවලට නිතර එන කට්ටියක් ඉන්නවලු. ඒ අය එද්දී ගොඩක් වෙලාවට ඇමැතිලගේ කාමරවල දොරවල් වැහෙනවලු. යාලුකමට වගේ ආවට එන්නේ රහසිගත කතාවලට කියලා දැන් දැන් ඒ කතා කනින් කොනින් අහපු අය දන්නවා.

ඒ වෙන කවුරුත් නෙමෙයිලු රටේ ලොකු පුටුවට ඡන්දය දෙන්න මැදිහත් වුණු සමහර විපක්ෂ මන්ත්‍රීවරුලු. ඒ අය අහනවලු නියෝජ්‍ය ඇමති පට්ටම්, කැබිනට් පට්ටම් දෙන්නේ කවද්ද කියලා. වැඩියෙන්ම එන්නේ කාලයක් දුරකථන පාටියේ ඉඳලා හදිසියෙම ආණ්ඩුවට එකතුවුණු දෙන්නෙක් ළඟටලු. ඒ දෙන්නට ඇමතුම් ඉවරයකුත් නෑලු. කොහොම වුණත් ඒ රුල්ල මේ සතියේ ඉඳලා යන්නේ ගාල්ලේ පැත්තේ එක්කෙනෙක් ළඟට. මොකද හැමෝම කියලා තියෙන්නේ එයා තමයි වැඩේ දන්නේ කියලා. ඒ නිසා එළඹෙන සතියේ ඉඳලා දන්සල වගේ පෝලිමක් ඒ අලුත් එක්කෙනාගේ කාර්යාලයේ තියෙයි කියලා හැමෝම දැන් කතාවෙනවලු. 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00