2022 ජුනි 12 වන ඉරිදා

අලුත් නවාතැනක්

 2022 ජුනි 12 වන ඉරිදා, පෙ.ව. 10:00 809

පොහොට්ටු පාටියේ ගොඩක් අයගේ දුක අහපු කෙනෙක් තමයි ඉස්සර රටේ හිටිය දෙවැනි තැන. පක්ෂයේ ලොක්කා වෙච්චි එයාගෙන් ගොඩක් අය උපදෙස් ගත්තලු. ඒත් දැන් උන්නැහේට තිබුණ තනතුරැ නැතිවෙච්ච නිසා එයා වැඩිය කට්ටිය එක්ක සම්බන්ධ වෙන්නෙ නැතිලු. ඒ හින්ද දැන් පොහොට්ටුවේ ගොඩක් අයගේ ගැලවුම්කරැ රටේ අලුත් දෙවැනියලු. දැන් එයා පස්සෙ මේ කට්ටියත් වැටිලලු. මීගමුවේ පැත්තේ වගේම ඊට පොඩ්ඩක් පහළින් තියෙන නගරයක ඉන්න කැබිනට් කෙනෙක් එහෙම ඉන්නෙ ලොක්කා එක්කමලු.

කොහොම වුණත් මේ සම්බන්ධය වැඩිදුර යන්න කලින් කසාදයකින් නතර වෙයි කියලයි කට්ටිය කතා වෙන්නේ. දුක වගේම සතුට බෙදාගන්න ගන්න කණ්ඩායම අතර එළිපිට වගේම හැංගිල යන අයත් ඉන්නවලු. දැන්නම් අලුත් ලොක්කත් සැලුන් දොරක් දාලා කියලයි ආරංචිය. මේ වෙද්දි පොහොට්ටුවෙන් පිහිටක් නැති අයගෙ තාවකාලික නවාතැන්පොළ හැටියට අලි ගෙදර පත්වෙමින් තිබෙන බවයි තතු දත් අය වැඩිදුරටත් කියන්නෙ.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00