2022 ජුනි 05 වන ඉරිදා

කඩේ බඩු නැහැ

 2022 ජුනි 05 වන ඉරිදා, පෙ.ව. 10:00 659

පසුගිය දවස්වල ඇතිවුණ කලබගෑනියෙන් තම තමන්ගෙ ගෙවල් දොරවල් විනාස වූ පොහොට්ටු කස්ටියගෙ මැති ඇමැති ගොල්ලට කොළඹට කිට්ටු මහල් නිවාස වගයක් ආණ්ඩුව දුන්න. මැති ඇමැතිලා හැට හැත්තෑවකට මෙහෙම ඉන්න හිටින්න තැනක් ලැබුණට ඒවා හිස් ගෙවල්... බඩු බාහිරාදිය මුකුත් නැහැ...

මේක දැනගත්තා පොහොට්ටු පක්ෂයෙ ලොක්කො විපතට පත්වෙලා ගෙවල් ලැබිච්ච මැති ඇමැති ගොල්ලට ලැබුණ නිවාසවලට ඇඳ පුටු මේස ටිකක් ගන්න ආධාර මුදලක් දෙන්න තීන්දු කළා... ඒ අනුව එක මන්තිරි කෙනෙකුට ලක්ෂ පහක විතර ආධාරයක් දෙන්න ප්ලෑන් කළා... ඒ මුදල යොදවලා උන්නැහේලාගෙ ගෙවල්වලට කෙළින්ම ගෘහභාණ්ඩ සැපයුම භාර වුණේ පොහොට්ටු පක්ෂයෙම ඉන්න හිසේ කෙස් ගානෙ මේ වගේ වැඩ කරපු එක්තරා ආචාර්ය මට්ටමේ පොරකටලු...

කොහොම නමුත් උන්නැහේ මේකට අවශ්‍ය මුදල් ගත්තට මුලින්ම බඩු ගෙනත් දීල තියෙන්නෙ ගෙවල් දහයකට පහළොවකට විතරයි කියල විපතට පත් මැති ඇමැති ගොල්ල චෝදනා කරනවා...

ඒ දීල තියෙන්නෙත් මේ සැපයුම භාර අය එක්ක හුඟාක්ම හිතවත්ම අයට කියලයි චෝදනා කරන උදවිය කියන්නෙ. කොහොම හරි මේ කතාව ටිකක් පත්තුවෙලා ගියාම ඒ ගැන සැපයුම භාර අයගෙන් සල්ලි දුන්න පක්ෂ ලොක්කො ප්‍රශ්න කළා...

එතකොට දීපු උත්තරේ තමයි ''කඩේ බඩු නැහැ. ආපු ගමන් දෙන්න පුළුවනි'' කියන පිළිතුර. කොහොම වුණත් ගෙවල් දොරවල් විතරක් නෙවෙයි තමන්ගෙ ඇඳිවත පවා නැතුව පාරට වැටිලා ඉන්න මැති ඇමැති ගොල්ල දැන් මේ සැපයුම භාර ආචාර්ය තැන දුටු තැන අහන්නෙ ''බඩු කෝ යකෝ'' කියලලු. ඒ වගේම ලී බඩුවලට බාලගිරි දෝෂෙ උදාකරලා එයා නිකම්ම වාෂ්ප වෙන්න යනවය කියලත් සමහරු කියනවා.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00