2022 මැයි 06 වන සිකුරාදා

ආයෙත් නොරොක් වෙලා

 2022 මැයි 06 වන සිකුරාදා, පෙ.ව. 10:00 721

දුරකථන පාටියේ ලොක්කයි, එයාලගෙම පක්ෂයේ සේනාංකයක් බාරව ඉන්න උස හාදයයි දැන් කලක ඉඳලා වැඩි ඇයි හොඳයියක් නෑලු. දෙන්නම එකම පුටුවක් අරමුණු කරගෙන ඉන්න නිසා මේ ගැටුම ඇති වුණා කියලයි හැමෝම කියන්නේ. ඒත් මේ මෑතක ඉඳලා දුරකථන පාටියෙ ලොකු තැන මේ සේනාංකයේ ලොක්ක එක්ක එකතු වෙලා වැඩක් කරන්න ට්‍රයි එකක් දෙන්නලු යන්නේ.

මේ වෙනුවෙන් පක්ෂයේම තරුණ මන්ත්‍රීවරු කීපදෙනෙක් උස හාදයා එක්ක කතා කරන්න යවනවලු. ඒ අය ගිහින් ලොකු තැනගේ පණිවිඩය අරයට කියනවලු. කොහොම වුණත් බොහොම අමාරුවෙන් දෙන්නා සෙට්වේගෙන යනකොට තව ප්‍රශ්නයක් කඩා වැටුනලු. ඒ අලුත් ආණ්ඩුවේ නායකත්වය උස හාදයා ගන්නම් කියලා ප්‍රසිද්ධියේ කීම නිසා. පාටියේ ලොකු තැන ආණ්ඩු හදන්න විරුද්ධ වුණාට, එයාගෙම පක්ෂයේ ඉන්න උස හාදයා එහෙම ආණ්ඩු හදන්න එයා එකඟයි කියලා. ඒක පක්ෂ නායක තැනගෙ හිත අවුල් කරන වැඩක් වුණාලු. දැන් ආයෙත් දෙන්නා හිත හොඳ නෑලු.

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00