2022 මැයි 01 වන ඉරිදා

ඇටෑක් එකකට සැරසෙයි!

 2022 මැයි 01 වන ඉරිදා, පෙ.ව. 10:00 618

විපක්ෂය බෙර ගහලා ගේන්න හදන විශ්වාසභංගය දැන් දැන් හැමෝගෙම මාතෘකාවක් වෙලා. දැන් ඒක වැඩියෙන්ම හොයන්නේ විපක්ෂයටත් වඩා ආණ්ඩුවෙන් ස්වාධීන වුණ කට්ටියලු. මේ ළඟකදී ඒ කට්ටිය විශ්වාසභංගය ගැන අහන්න විපක්ෂයේ කීප දෙනෙක්ටම කතා කළත් හරි උත්තරයක් ලැබුණේ නෑලු. තවම හදනවා කිව්වලු, අරයා ගාව කිව්වලු, මෙයා ගාව කිව්වලු එක එක කතාලු. වැඩේ තැනින් තැන මාරැවන නිසා, දැන් ස්වාධීන කණ්ඩායම කතා වුණාලු එයාලට බැරි නම් ඉක්මනින් අපි විශ්වාසභංගයක් ගේමු කියලා.

එහෙම ගේන එක විතරක් නෙමේලු. දුරකථන පාටියේ ලොකු තැනටත් ඇටෑක් එකක් දෙන්න තීරණය කරලලු තියෙන්නේ. එහි පළමු පියවර එම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතමය දැනටමත් පටන් අරන්. ඒ නිසා මේ සියල්ලටම දුරකථන පාටියට තව සතියක් විතරලු දීලා තියෙන්නේ. එතනින් පස්සේ තමයිලු වැඩේ පටන් ගන්නේ. දැන් මේ ගැන දුරකථන පාටියේ ලොකු තැනගේ කනටත් ගිහින් කියලයි ආරංචිය.