2022 අප්‍රේල් 24 වන ඉරිදා

එයා හොඳ වුණේ කොහොමද?

 2022 අප්‍රේල් 24 වන ඉරිදා, පෙ.ව. 10:00 666

කැබිනට් කුට්ටම ආයෙමත් ඇනුවට පස්සෙ සමහරුන්ගෙ මුහුණු නාලු වෙලාලු...එයින් ආණ්ඩුවට සැරම ප්‍රතිචාරය දක්වල තියෙන්නෙ වයඹ පළාතෙ කටකාර දේශපාලනඥයෙක් බව ආරංචියි.

උන්නැහේ මහාමාර්ගෙ ඉඳල මහ මගට වැටීමටත් වඩා තවත් ප්‍රශ්නයක් තිබෙන බවයි ආරංචි...

එයාල මණ්ඩලේට නුසුදුසු වෙද්දි ගම්-පහකින් ආපු රණකාමී දේශපාලුතුමා මේකට සුදුසු වුණේ කොහොමද කියලලු දැන් අහන්නෙ... මිණිපුරේ නෝනා කළුතර අබේ වගේම රජරට චන්ද්‍රයත් උඩරට නායකලත් මේ ප්‍රශ්නය එකදිගටම අහන්න පටන් අරන්ලු...

රටේ දෙවැනි මහත්තයත් සමහර පත්වීම් ගැන ඉන්නෙ කනස්සල්ලෙන් කියල සමහරැ කියනව. කොහොම නමුත් වයඹ බලවතා ආණ්ඩුවෙ ලොක්කන්ගෙ ටෙලිෆෝන් කෝල් එකකටවත් උත්තර දෙන්නෙ නැති බවයි ආරංචි...