2022 ජනවාරි 08 වන සෙනසුරාදා

කනගාටුව දුක සහ විරෝධය

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 625

ළඟදි එනවය කියන කැබිනට් ඔළුගෙඩි මාරුවෙදි මේ දවස්වල හුඟක්ම ආන්දෝලනේට ලක්වෙලා තිබෙන එක්තරා කර්මයකට සම්බන්ධ ඇමැති භවතෙක්ගෙ විෂයෙන් කෑල්ලක් ගලවන්න ආණ්ඩුව තීන්දු කරල තිබුණලු...

දැනට උඩරට පළාතෙ ඇමැති භවතෙක් භාරයේ තිබෙන %කර්මයෙන්^ කොටසක් ගලවල රජරට පළාතේ චන්ද්‍රයා වගේ වැජඹෙන කෙනකුට බාරදෙන්නයි සැලසුම් කරල තිබුණෙ...

දැනට ඉබි ගමනින් යන වගා සංග්‍රාමෙට වැඩි වේගයක් ලබාදෙන්න ගත්ත මේ තීන්දුව කනින් කොණින් ආරංචිවෙලා ඒ විෂය බාරව දැනට ඉන්න ඇමැති භවතගෙ කනටත් වැටුණා. ඊට පස්සෙ උන්නැහේ හොඳටම කලබලවෙලා... ආණ්ඩුවෙ ඉහළම තැන්වලට ගිහිල්ල තමන්ගෙ තටු කපන්න යන එකට කනගාටුව දුක සහ විරෝධය පළ කළාලු.

තමන් කඩේ ගිහිල්ල කරන සේවයත් මතක් කරල දීල මේ තීන්දුව වෙනස් කරන හැටියට ආයාචනාවක් කළ බවයි ආරංචි...

ඒ ගැන සලකා බැලූ ඉහළම තැන් වගා සංග්‍රාමය තවදුරටත් උඩරට ඇමැති භවතටම දීල බලන්නලු හිතාගෙන ඉන්නෙ...

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00