2022 ජනවාරි 01 වන සෙනසුරාදා

පාර වෙනස් කරලා

 2022 ජනවාරි 01 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 830

දුරකථන පාටියේ කටකාර වලියට බර සියනෑවට අලුතින් බැස්ස කෙනෙක්ට මේ දවස්වල අඳුරන ගොඩක් අයගෙන් එකම උපදෙසක් ලැබෙනවලු. එයාට ගොඩක් අය කියන්නේ ඔයා ඔහොම කෑගැහුවට පක්ෂයේ අනික් අය එහෙම කෑගහන්නේ නැති නිසා, ඔය කරන දෙයින් ඒ හැටි ප්‍රයෝජනයක් නැහැ කියලලු. මෙයා පහුගිය කාලයේ බරට ආණ්ඩුවට, ගැහුවට හිටපු ගමන් පේන්න නැති වුණාම අනික් අයට වගේ වගක් නෑලු. මේ නිසා මෙයාට උපදෙස් දෙන අය කිව්වලු පේනවනේ ඔයා කෑගැහුවට අනික් අය හෙමිහිට වැඩ. ඒ නිසා නිකං ලෙඩ දාගන්නේ නැතුව, ජනතාව වෙනුවෙන් දෙයක් කරගෙන ඉන්න කියලා.

කොහොම හරි මේ උපදෙස එයා දැන් පිළිඅරන්ලු ඉන්නේ. මෙයා දැන් ජනතාවගේ දේවල්වලට සටන් කරනවා මිසක් පක්ෂයේ වැඩවලට ආණ්ඩුවෙන් ගේම ඉල්ලන වැඩේ දැන් එයා අත්ඇරලලු තියෙන්නේ. එයාටත් දැන් තේරිලලු තියෙන්නේ අනික් අය එයාගෙන් වැඩ ගන්නෙ නැහැ කියලා. ඒ නිසා දැන් මෙයා පාඩුවේ ඉන්නලු හදන්නේ.