2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා

පුංචි ආණ්ඩු හුටපටයක්

 2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 867

අලි පාටිය ඇතුළේ මේ දවස්වල පොඩි කචල් එකක්ලු. ඒ පුංචි ආණ්ඩුවල අය කරන වැඩ නිසා කියලයි ආරංචිය. ඒකට හේතුව තමයි ආණ්ඩුවට අයිති පුංචි ආණ්ඩු ආයතනවල බලය පෙරළන්න දුරකථන පාටියට අලි පාටියේ සමහර අය උදව් කිරීම කියලයි කියවෙන්නෙ. පක්ෂයේ එහෙම තීරණයක් නැතුව ඒ වගේ වැඩ කරන අයට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්න කියල කට්ටියක් කියනවලු. තව කට්ටියක් කියනවලු එහෙම කරන්න එපා. එයාලට එයාල කැමැති දේවල් කරන්න  දෙන්න කියල.

කොහොම වුණත් මේ විරෝධය නිසා කට්ටිය පරණ කෝන්තරත් ඇදගන්න ගමන්ලු ඉන්නේ. පුදුමේ කියන්නේ මේ දේවල්වලට කරන්න ඕන මොනවද කියල පක්ෂයේ ඉහළින් කියල නැති එකලු.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00