2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා

එයාල එපාලු!

 2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 676

අත පාටිය ආණ්ඩුවේ ඇතුළේ ඉඳලා ආණ්ඩුව විවේචනය කරන එක ගැන පොහොට්ටු පාටියේ අය ඉන්නේ ඉතාම නොසතුටෙන්ලු. මේකට විවිධාකාරයෙන් වාග් ප්‍රහාර එල්ල කළත් අත පාටියේ අයගේ විවේචන එන්න එන්නම වැඩිවෙලා කියලයි ඇතුළේ අයගේ කතාව.

මේ නිසා පොහොට්ටු පාටියේ පසුපෙළ හාදයෝ ටික ආණ්ඩුවේ ඉහළම කීප දෙනෙක්ට කියලලු තියෙන්නේ මේ අය නිසා ආණ්ඩුව විශාල අපහසුතාවයකට ලක්වෙලා තියෙන්නේ කියලා.විශේෂයෙන් කැබිනට් එකේ කතාවෙන දේවලුත් එළියට යන්නේ මේ අයගෙන් කියලා ඒ කට්ටිය කිව්වලු.ඒ විතරක් නෙමෙයි ආණ්ඩුවේ පොඩි පක්ෂ ටිකත් කුලප්පු කරන්නේ මෙයාලා කියලා කියලලු තියෙන්නේ.

කොහොම වුණත් ඒ අයගේ අන්තිම ඉල්ලීම වෙලා තියෙන්නේ ඉක්මනින් ඇමැති පට්ටම් දෙක අත පාටියෙන් ගලවලා අයින් කරන්න කියලා. ඒ විතරක් නෙමෙයි තවත් ආණ්ඩුව ගෙනියන්න අතපාටිය ඕන නෑ කියලා ඒ අය කිව්වලු. මේක බරපතළ යෝජනාවක් නිසා ආණ්ඩුවේ ලොකු අය කිසිදෙයක් කිව්වේ නෑලු. ඒත් දැන් පොඩි අය ගොඩ දෙනෙක් කියන්නලු යන්නේ අත අපිට එපා කියලා.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00