2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා

වැඩේ පත්තුවෙලා

 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 693

මේ ආණ්ඩුව විපක්ෂයෙ ඉඳෙද්දි දැඩි ලෙස විවේචනය කරපු ඩයස්පෝරා ලොක්කෙක් පසුගියදා ලංකාවට සම්ප්‍රාප්ත වුණා. උන්නැහේ නිකම්ම ලොක්කෙක් නෙවෙයි කෝටිපති ලොක්කෙක්. ඒ නිසාම කටුනායක ගුවන් තොටුපොළේ වී.අයි.පී. කෑල්ලෙන් තමයි එළියට සැපත්වෙලා තිබෙන්නෙ.

මේ කතාවල් මාධ්‍යයෙ ගියාම රටේ ලොකු මහත්තයා ඒ ගැන වහාම සොයල බලන්න අණ දුන්නා. මේ දවස්වල ගුවන් තොටුපොළේ සභාපති තැන ලංකාවෙ නැති නිසා උප සභාපති තැනගෙන් ඒ ගැන ප්‍රශ්න කළාම වී.අයි.පී. වැඩේට මැදිහත් වුණු කෙනාගෙ නම කිව්වලු. එයා ආණ්ඩුවෙ පොඩි නට් එකක් බවයි ආරංචි. ඊටත් වඩා ලොකු කතාව මේ ඩයස්පෝරා ලොක්කා රටේ ලොකු මහත්තයට මුණගස්වන්න එයාල දරපු උත්සාහයයි. මේ සතියෙ දවසක හවස රටේ ලොකු මහත්තයගෙ කන්තෝරැව අසලට තමන්ගෙ සුපිරි රථයෙන් ආපු ඩයස්පෝරා ලොක්කා ඇතුළට ඇවිත් රටේ ලොකු තැන හමුවෙන්න අවසර ඉල්ලුවෙ වී.අයි.පී. වැඩේට මැදිහත් වූ තම හිතවතාගෙන්මලු.

රටේ ලොකු මහත්තයට ඩයස්පෝරා ලොක්කා මුණගස්වනව කියල පොරොන්දුවෙලා ගෙනාවෙ අර කලින් උදව් කළ හිතවතාමයි. උන්නැහේ මේ වැඩේට ආරක්ෂක අංශයෙ ඉන්න ප්‍රබලම චරිතයකත් තානාපති සයිස් කෙනකුගෙත් සහාය ගන්න හැදුවලු. ඒත් ඒකත් හරි ගියේ නැහැ...

අන්තිමට ආණ්ඩුවෙ මහ කන්තෝරැවෙ ගේට්ටුව ළඟට ආපු ඩයස්පෝරා කෝටිපතිය මේ කපුව ගැන මල පැනල ආපසු හැරිල තමන් හිටපු තරැ හෝටලේට ගියා...

කොහොම හරි පැයක් විතර යනකොට මේ කතාව රටේ ලොකු මහත්තයටත් ආරංචි වුණාලු... 

ඒ ගැන කේන්තියට පත් ලොකු මහත්තයා ඉතා ඉක්මනින් මේ වැඩේ ගැන විමර්ශනය කරල දැඩි පියවරක් ගන්න යන බවයි ආරංචි...