2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා

තේ මේසෙකට සූදානමක්

 2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 700

දුරකථන පාටියේ ලොකු තැන එක්ක අත පාටියේ ලොකු තැන එක තේ මේසෙකට ගේන්න තිරෙන් පිටිපස්සේ කට්ටියක් ලෑස්ති වෙනවලු. අත පාටියේ ලොකු තැනගේ පවා එදා ඉඳලා හිත දිනාගෙන හිටිය දුරකථන පාටියේ ලොකු තැනත් හරි ආසාවෙන්ලු ඉන්නේ මේ තේ මේසේ එකට වාඩිවෙන්න. අලුත් තේ මේසේ ලෑස්ති කරන්න හදන අයගේ අරමුණ නම් 2024 දී පටන්ගන්න යන වැඩක් කියලයි ආරංචිය.

කොහොමහරි මේක ගැන ඉව වැටුණු දුරකථන පාටියේ කට්ටියකට ‍යකා වැහිලලු ඉන්නේ. ලැබුණු ආණ්ඩුව පවා කරගන්න දෙන්නේ නැතුව කනෙන් ඇදලා පාරට දාපු හිටපු ලොකු තැන එක්ක මොන දේශපාලන කතාද කියලා. මේ නිසා ලොක්කට දන්වන්නේ නැතුව හිටපු ලොකු තැනට පහර දෙන්න වැඩක් සෙට් කළාලු. දින 51ක ආණ්ඩුව ගැන දින 51ක කුමන්ත්‍රණය කියලා ජනතාවට මතක් කරලා දෙන වැඩේදී හිටපු ලොකු තැනටත් ඒ අය ඒ අස්සෙන් දාලා ගහන්න ගත්තලු. ඉස්සරහට මීට වඩා ප්‍රහාර වැඩි වෙයි කියලයි ඇතුළෙන් ආරංචි වෙන්නේ.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00