2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා

කවුද බෑණා

 2021 ඔක්තෝබර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 807

ආණ්ඩුවෙ පක්ෂ නායකයෝ උණුසුම් විෂයක් ගැන ලොකු සාකච්ඡාවක් කරමින් හිටියා. ඒ මේ දවස්වල පත්තුවෙලා තිබෙන 'යුගදනවි' ගිවිසුම ගැන.

මේ කතාව යනකොට එතැන හිටපු ජ්‍යෙෂ්ඨම නායකයො මේ ගිවිසුම ගැන ප්‍රශ්න පිට ප්‍රශ්න මතු කරන්න ගත්තා.

මේක පිටරටට පවරනවද? ගිවිසුමේ සැඟවුණු කොන්දේසි කියනවද? මහ රෑ මේක අත්සන් කළේ මොකද වගේ කාරණා ගැන දිගින් දිගටම කතාවෙනකොට එතැන හිටපු ජ්‍යෙෂ්ඨම ඇමැති සයිස් පක්ෂ නායකතුමෙක් මේ ගිවිසුමට ලයිට් මණ්ඩලේ ඉංජිනේරු මහත්තුරුත් විරුද්ධයි කියල ලොකු ඝෝෂාවක් දැම්මා.

සිනහසෙමින් ඒක අහගෙන හිටපු රැස්වීමේ මුලසුනේ හිටපු සල්ලි භාර ඇමැති තැන මේ ප්‍රශ්නය මතුකරපු ජ්‍යෙෂ්ඨයගෙ කතාවට දුන්නෙ අමුතු උත්තරයක්...

''ඔව්. අපි දන්නවා ඉංජිනේරු කස්ටිය මේකට විරුද්ධ බව... ඒ වගේම මේ ඉංජිනේරු සටන මෙහෙයවන්නෙ ඔබතුමාගෙ බෑණය කියලත් දන්නවා...''

සල්ලිභාර ලොක්කා මේ කතාව කිව්වා විතරයි ඒක අහන් හිටපු ජ්‍යෙෂ්ඨය ''ඔව්. එයා බෑණා නම් තමයි. ඒත් අපේ සටන මේ වැඩේට විරුද්ධවයි කියලා සද්දෙ වහගත්තලු.