2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා

හොඳ කියනවලු

 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 982

දුරකථන පාටියේ ලොකු තැනගේ ඉතාම ළඟින්ම ඉන්නේ නෝනා බව කවුරුත් දන්නවා. එ‍යා ගොඩක් ලොකු තැනගේ දේශපාලන වැඩවලට සම්බන්ධ වෙලා විවේචනයට ලක්වුණා. හැබැයි එයා මොනදේ කළත් ලොකු තැන එක්ක ආදරෙන් හැමදේම බෙදාගෙන වැඩකටයුතු කළා. එහෙම කරපු එයා මේ වෙද්දී තීරණයක් අරන් කියලයි ආරංචිය. ඒ තමයි එයාගේ මහත්තයාගේ දේශපාලන වැඩවලට මින්මතු සම්බන්ධ වෙන්නේ නෑ කියලා. එයා බිරිඳ හැටියට හැමදාම ඉන්නවා මිසක් එයාගේ දේශපාලන වේදිකාවල ඉන්නේ නෑ කියලා තීරණය කරලලු.

මේක පක්ෂයේ ගොඩක් අය දන්නවා. ඒත් ලොක්කාට ඒක නම් හොඳ වැඩක්* කියලා කියන්න බැරි නිසා කට්ටිය තැන් තැන්වල ඒ තීරණය ගැන හොඳ කියනවලු. ඒත් සමහර අයට සැකලු. මොකද මේක ඇත්තමද කියලා. ඒත් ඉතිං ලොක්කගෙන්වත් අහන්න බැරි නිසා සද්ද නැතුව ඉන්න වෙලාලු තියෙන්නේ.