2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා

හාල්පාරු වැඩවලට වැටක්

 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 596


පහුගිය දවස්වල සීනි හංගපු අය පස්සේ ගිය ආණ්ඩුව හාල් මෝල්වලටත් අත තිබ්බා. හාල්වල මිල තීරණය කරන මහා පරිමාණ දෙතුන් දෙනෙක් ගැන ආණ්ඩුවේ බුද්ධි අංශ පවා අමුතු වාර්තා දීලලු. ලොකු තැන මේ ගැන දෙවැනි තැනටයි මුදල් බාර එක්කෙනාටයි කියලලු. පියවරක් ගන්න ඕන කියල. ආණ්ඩුව දැනටමත් ඒතැන් කොටු කරලා.

කොහොම වුණත් මේ වැඩේ රහස දන්න ඒ මහා පරිමාණ හාල්වලට අරක් ගත්ත තුන් හතර දෙනා මාධ්‍යයට වචනයක් කතා නොකරන්න තීරණය කරලා. එයින් එක්කෙනෙක් ආණ්ඩුවේ බලධාරීන් ඒ පැත්තට ආයෙත් ආවොත් ජනතාව උසිගන්වන්නත් ලෑස්තියි කියලා කොළඹට තොරතුරැ ලැබිලා. ඒ වුණත් අනිත් අය පුළුවන් තරම් සාධාරණයෙන් වැඩේ කරන් යනවා කියලා පෙන්නන්න මේ දවස්වල වැඩලු. කැම්පේන් පවා කරනවා කියලයි ආරංචිය. සමහර අයට ලොකුවට ගෙවලත් තියෙනවලු. හැබැයි කොයි වෙලේ හරි තව මොනවාහරි කලොත් එයාලා කියන්නලු ඉන්නේ සාධාරණව වැඩ කරන ව්‍යාපාරිකයින්ට ආණ්ඩුව කටුව ගහන්න යනවා කියලා එහෙම වුණොත් මේ දේවල් වහලා දානවා කියලා ආණ්ඩුව බයකරන්නත් හිතන්ලු ඉන්නේ.