2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා

මනමාලයා නැති මගුලක්

 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 776

ආණ්ඩුවේ කට්ටියක් මේ දවස්වල ඉන්නේ රුසියාවෙලු. ඒ අය යුක්‍රේනයෙත් යන්නලු ඉන්නේ. අපේ රටේ සංචාරක කර්මාන්තය ඒ රටේ ප්‍රසිද්ධ කරන්නලු මේ ගිහින් තියෙන්නේ. පුදුමේ කියන්නේ ඒ ගමනට මෙහේ ඉන්න රැසියාවේ අයිතිකාරයා වගේ ඉන්න කෙනා ගිහින් නෑලු. යුක්‍රේන සංචාරක බුබුළු වැඩේ ඉසෙල්ලම පටන්ගත්ත එයා ඇයි මෙහෙම දාලා ගියේ කියලා හැමෝම අහනවා.

කොහොම වුණත් සංචාරක අමාත්‍යංශය මැදිහත් වෙලා කරන නිසත්, ඒ විෂය බාරව ඉන්න ලොක්කා මේ වැඩේට යන නිසාත් එයාව මේ වැඩෙන් හැලුවලු. ඒ මේ දෙන්නා අතර තියෙන අළු යට ගිනිපුපුරු නිසා. කොහොම හරි අමාත්‍යංශයට ඕන එයාට වඩා හොඳටම කළේ අපි කියලා පෙන්නන්නලු. ඒ හින්ද රුසියන් සංචාරක අංසෙ වීරයට රුසියාවට යන්න ලැබිල නැහැ.