2021 ජුලි 17 වන සෙනසුරාදා

ඇමැතිතුමාගෙ බිල

 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 544

මේ කතාව ආණ්ඩුවෙ ඇමැති කෙනෙක් ගැනයි.. ඕනම ආණ්ඩුවක විවිධ තරාතිරම්වල අය ඉන්නවා වගේ මේ ආණ්ඩුවෙත් ඉන්නවා අවංක ප්‍රතිපත්තිගරුක අය කිහිපදෙනෙක්ම...

මේ අපි කියන කෙනා සුප්‍රකට ජනප්‍රිය දූෂණ චෝදනා නැති චරිතයක්.

පසුගිය දවසක උන්නැහේ තමන්ගෙ මැතිවරණ කොට්ඨාසෙ (කොළඹින් පිටත) ඉතාම පුංචි සරල කාර්යාලයක් හැදුවා...
මේ පුංචි කාර්යාලය හැදුවෙ කොන්ත්‍රාත්කරුවෙක්. වැඩේ ඉවර කරලා කොන්ත්‍රාත්කාරය ඇමැතිතුමාට බිල දුන්නා... ඒකෙ තිබුණෙ කාමර දෙකේ කාර්යාලය හදන්න ගිය වැඩ කුලිය රුපියල් දෙලක්ෂ තිස්දාහයි කියලා...

තමන්ගෙ අතට බිල ලැබුණම හොර බොරු නැති ඇමැතිතුමා ඒක ගෙවන්න කල් ඉල්ලගත්ත. ඒත් ඉතින් දේශපාලනේටම ජීවිතේ දියකරපු උන්නැහේ ළඟ රුපියල් 2,30,000ක් තිබුණෙ නැහැ.

දවසක් ඇමැති කන්තෝරුවට ඇවිත් උන්නැහේ කල්පනා බරව ඉන්නකොට එතැනට ආපු එක්තරා උසස් නිලධාරියෙක් උන්නැහේගෙ කල්පනාවට හේතුව විමසුවා.

එතකොට මේ ඇමැතිතුමා අවංකවම තමන්ට බිල ගෙවාගන්න බැරි ප්‍රශ්නය අර නිලධාරියාට කිව්වා...

අමාත්‍යංශයෙ ඕනතරම් ගනුදෙනු ව්‍යාපාති තිබුණත් ඒවයින් කොමිස් අරන් තමන්ගෙ බිල් ගෙවන්න සූදානම් නැති ඇමැතිතුමා ගැන හොඳින්ම දන්න අර නිලධාරියා ඇමැතිවරයාගේ අවංකකමට ගරු කරමින් තමන්ගෙ අතේ තිබුණු මුදලකින් ඇමැතිතුමාගෙ බිල ගෙවන්න සැලැස්සුවලු....

මේක රහසක් හැටියට තියාගන්න කියල නිලධාරි මහත්මය දැඩිව ඉල්ලා සිටියත් කොතැනදි හෝ ඇමැතිතුමාට මේ කතාව කියවුණා.

කොහොම හරි අමුතු චරිතයක් වන අපේ ඇමැතිතුමා රාජකාරි ගමන් යද්දිත් පුංචි බත්කඩවලින් කෑම කාලා රජයේ සල්ලි ඉතුරු කරල දෙන දේශපාලන පරම්පරා දෙක තුනක් එක්ක ගනුදෙනු කරපු විප්ලවීය චරිතයක්.

මෙවැනි ගරු කටයුතු අය එක්කෙනෙක් දෙන්නෙක් හෝ ආණ්ඩුවෙ ඉහළම මණ්ඩලේ ඉන්න එක සතුටට කරැණක් බව අමුතුවෙන් කිවයුතු නැහැ.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00