2021 ජුලි 17 වන සෙනසුරාදා

යනවද? ඉන්නවද?

 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 586

මේ දවස්වල අත පාටියේ එක්කෙනෙක් ගැන පාටියේ අය වගේම ආණ්ඩුවේ අයත් ඇහැ ගහගෙනලු ඉන්නේ. මොකද එයා දිගින් දිගටම කියන කැපිලි කෙටිලි කතා ගැන හැමෝටම අල්ලන්නෙ නෑලු. මොකද ආණ්ඩුවෙනුත් යමු කියලා කිව්ව නිසා හැමෝටම තරහා ගිහින්ලු තියෙන්නේ එයා එක්ක.

මේ නිසා ඒ පක්ෂයේම පාරම්පරික උරුමකරුවෝ කට්ටියක් ලොකු තැනට යෝජනා කරන්නලු යන්නේ එයාව පක්ෂ තනතුරෙන් අයින් කරලා වෙන කෙනෙක් දාන්න කියලා. ඒකට හේතුව තවත් හැප්පුණොත් ආණ්ඩුව සැර හැන්දකින් බෙදයි කියලා. කොහොම වුණත් ආයේ ඒ තරනතුරුවලට දෙන්නෙක්ගේ නම් යෝජනා වෙලාලු. එක්කෙනෙක් උතුරු මැද පැත්තේ පරම්පරාගත එක්කෙනෙක්. අනික් කෙනා ගම්පහ මැඩම්ගේ හොඳම ගෝලයෙක්. මේ දෙන්නා බැලන්ස් කියලයි කියන්නේ. ඒත් උතුරු මැද එක්කෙනා නම් කැමැත්තක් නෑලු හිටපු තැනට එන්න. අර ගෝල තැන නම් එක පයින්ලු. කොහොම කළත් එයාලා කැමති වුණාට ලොකු තැන නම් කැමැතිම මේ දැන් ඉන්න එක්කෙනාට කියලයි ආරංචිය.