2021 ජුලි 10 වන සෙනසුරාදා

බාරෙ ඔප්පු කිරීම

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 784

සුව ලොකු ලොක්කියන් අතරේ ඉන්න එක්තරා ලොක්කියක් මේ පහුගිය කොරෝනා සමයේ බාරයක් වුණාලු. ළඟ පාතක නම් නෙමෙයිලු මේ ගව් ගණනක් දුරින් තියෙන මුලතිව් පැත්තේ කෝවිලකටලු. වට්ටපලෙයි කියන කෝවිලට බාරවුණු මෙයාට පහුගිය දවසකලු තිබුණෙ මේ බාරය ඔප්පු කරන්න. ඒ නිසා මෙයා ලෑස්ති වුණාලු මේක ඔප්පු කරන්න යන්න. ඒත් පස්සෙලු ආරංචි වුණේ දේවාල කෝවිල් මේ දවස්වල නිරෝධායනය නීති යටතේ වහලා දාලා කියලා. ඒත් එතුමියට මේක ඔප්පු කරන්නම ඕනවෙලා නිරෝධායනය නීතිත් පැත්තකින් තියලා කට්ටිය එක්ක ගියාලු මුලතිව් ඒ කෝවිලට.

එහෙම යනකොට මාධ්‍යයත් ඇවිල්ලලු හිටියේ. අන්තිමේ මෙයා කරපු වැඩේ මාධ්‍යයයි, ආරක්ෂක අංශයේ ඈයොයි එළියෙන් තියලා ගිහින් පවුලේ අයත් එක්ක බාරය ඔප්පු කළාලු. හැබැයි ඇත්තටම මේක මෙයාට මේ තියෙන කරදරත් එක්ක වෙච්ච බාරයක් කියලයි කියන්නේ. ඒත් බාරය ඔප්පු කළාම සහනයක් ලැබුණද කියන්න නම් ආරංචියක් නෑලු.