2021 මැයි 08 වන සෙනසුරාදා

අවමංගල සරඹ

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1155

පසුගියදාක කාකි සූට් දෙපාර්තමේන්තුවෙ හිටපු අධිපති කෙනෙක් මියගියා... එහෙම මියගියාම උන්නැහේගෙ අවසාන කටයුත්තෙදි පොලිස් ගෞරව උත්තමාචාර පුද කිරීම සාමාන්‍ය සිරිතක්...

සෞඛ්‍ය නීති රීති නිසා ඉතාම සුළු ලොක්කන් සහ පොඩ්ඩන් පිරිසක් මධ්‍යයේ තමයි මේ අවසාන කටයුත්ත සිද්ධ වුණේ.
ආගමික වතාවත්වලින් පස්සෙ ඔය දෙපාර්තමේන්තුවෙ දැන් ඉන්න නියෝජ්‍ය අධිපතිවරැන් හත් අට දෙනෙක් තමයි දේහය ආදාහනයට රැගෙන යන්නෙ. ඒක සිරිතක්.

කොහොම හරි මේ අවසාන කටයුත්ත සඳහා ප්‍රභූන් එහෙම ඇවිල්ල ආගමික වතාවත් ආරම්භ කරන්නත් කලින් දේහය ඔසවාගෙන යන්න හිටපු නියෝජ්‍ය අධිපතිවරුන් හත් අට දෙනා එකපාරටම සුසාන භූමියෙ කල්බැලීමේ අභ්‍යාසයක් (මාර්ච් පාස්ට්) කරන්න පටන් ගත්තලු. මේක කවදාවත් සිදු නොවුණු දෙයක් නිසා හැමෝටම සිනහ පහළ වෙලා තිබෙනවා. මේ විදිහට (ඩ්‍රිල්) කරමින් ඔවුන් ආදාහන භූමියෙ පුරුදු පුහුණු වුණේ හිටපු ලොකු මහත්තයගෙ දේහය ඔසවාගෙන යන ආකාරයලු.

කොහොම නමුත් හැමෝගෙම මුවට සිනහවක් නැංවූ මළගෙදර සරඹ සංදර්ශනය බලන් හිටපු ඔය දෙපාර්තමේන්තුවෙ ලොක්කට අසූ හාරදාහට කේන්ති ගියා...

තමන්ගෙ සේවාව විහිළුවට ලක් නොකර වහාම අවමංගල භූමියෙ සරඹ සංදර්ශනේ නවත්තන්න නියෝග ලැබුණා... එතකොටලු මේගොල්ලන්ට තේරුණේ වෙච්ච වැරැද්ද.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00