2021 මැයි 08 වන සෙනසුරාදා

විරෝධයක්

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 664

උදේට එළියෙදී ආණ්ඩුවට බැණලා හවස ආණ්ඩුවෙ වැඩ එක්ක හිටගන්න පූජ්‍ය පක්ෂයේ කෙනෙක් ගැන ආණ්ඩුවේ පසුපෙළ, මන්ත්‍රීවරු පොහොට්ටුවේ නායක තැන් කිහිපයකට පැමිණිලි කරලලු. 2014ත් ආණ්ඩුවේ ඉඳලා රතු එළි දාගෙන එළියට ආපු මේ පූජ්‍ය පක්ෂයේ කෙනා තවත් ආණ්ඩුවේ වැඩවලට ගාගෙන අන්තිමේ හැමෝම පාරට ඇදලා දායි කියලා ඒ අය කිව්වලු.

ඒ නිසා දැන්වත් එයාව මේ වැඩවලින් ඈත්කරලා තියාගන්න කියලලු ඒ අය ඉල්ලන්නේ. එහෙම නොවුණොත් එයාට විරුද්ධව එළියේදී කතා කරන්න ගන්නවා කියලත් ඒ අය කියනවලු. පොහොර වැඩේ ගැනත් එයා එක්ක එකතුවෙලා තීරණ අරන් ඒ තීරණ රට හමුවට දාලා ජනතාවගේ අප්‍රසාදය ඇතිවුණොත් ඒකටත් වගකියන්න වෙන්නේ ආණ්ඩුවටම තමයි කියලා දැනුම් දුන්නලු. ඒ නිසා ගන්න තීරණයක් මේ පූජ්‍ය පක්ෂයේ කෙනා නැතුව ගන්න කියලත්, එයාව ආණ්ඩුවේ රුස්වීම්වල වාඩි නොකරගන්න ලෙසත් රටේ ඉහළ තැන්වලට දැනුම් දෙන්න කියලා මේ අය ඉල්ලුවලු.